-- සමුදෙන්න හමු
නොවෙමි කිසිදා --
ප්‍රේමය
සියල්ලන්ටම ජයගත නොහැකිය. සැබෑ ප්‍රේමය යනු හිමිවීම පමණක්ම ද? අහිමිවීම මත වෛර
කිරීමද? යම් හේතූන් මත
හිමිනොවන ප්‍රේමයක මතකයන් සමග ජීවත්විය හැකිනම්, ඒ වෙන්වීම වෙන්වීමක්ම නොවනු ඇත. එහෙත් අහිමි
ප්රේරමයක මතකයන් අලුත් ජීවිතයක් වෙනුවෙන් අත්වැලක් නොවනු ඇත. කෙසේ හෝ අපගේ
සමුගැනීම සමුගැනීමක්ම විය යුතුය. යළි හමුවීමක් මත නිමා නොවන කදුළු කථාවක්
ගොඩනැගෙනු ඇත. සිල්පර කොටන් රේල් පීලී දෙකක් යා කළ ද කිසිදින එක්වීමක් නොවේ. අපටද
එක්වීමක් සිතාගත නොහැකිය. වෛරයෙන් නොව සියල්ල නිවැරදිව වටහා ගෙන වෙන්ව යන්න.
සිනාවකින් මා සනසන්න. මේ යොවුන් ප්‍රේමයක ආයාචනයයි.
එක්වෙන්න බෑ
සබදේ කිසිදා
හැර යන්න මා
දෙඅත් හැරදා
සිත් කොනේ
දුක් නිමා කරලා
හිනැහෙන්න මට
සමා කරලා
මල් මාවතක්
නොවූ සෙනෙහෙස
නෙතට කඳුළක්
එක් කළා
ඔබට මට
එක්වෙන්න බෑ යළි
දෛවයේ සරදම්
නිසා
රුදුරු නෙත්
සර පහර සඟවා
හිනැහෙන්න
මුතුලැලි සලා
සමුදෙන්න හමු
නොවෙමි කිසිදා
මතකේ මා සිතේ
රඳවා
*** මිථිලා
හේමචන්ද්‍ර ***
No comments:
Post a Comment