Wednesday, March 25, 2015



                                                                                 මව සහ ඇය


                                            දස මාසයක් දුක් විද මා හැ`දු                   අම්මේ
                                            ලේ කිරි කර පොවා මා දැඩි කළ             අම්මේ
                                             නිවසේ බුදුන් යැයි බුදු හිමි දෙසු             අම්මේ
                                             ඔබෙ පා යුග ව`දිමි මම ආදර                  අම්මේ

පාසලේ, දහම් පාසලේ මවට වදින ගාථාව ගැයෙන මොහොතේ මාගේ දෙඅත් අවස`ගව යන්නට විය. නෙතින් ක`දුළක් නැගුණේ මා පිළිබ`දව අනුකම්පාවෙන් ද කවර නම් අසරණකමකින් දැයි අදද වටහා ගත නොහැකිය. මව් සෙනෙහසක් සිතේ නොනැගෙන්නේ මා කළ කවර පාපයකින් දැයි නැතහොත් ඇගේ කවර නම් වරදකින් දැයි තේරුම් ගන්නට මා සිත නොවෙහෙසෙයි. රජයේ ආයතනයක ඉහළ නිළයක් දරන පියෙකුගේ වැඩිමහල් පුතු ලෙස උපත ලද මා වෙනුවෙන් මවගේ දෙතනින් කිරි එරුනේ තෙමසක් පමණක්ම ද? රත් රුධිරය දරු සෙනෙහසින් කිරි නොවූවාද යන්න මා නොදනිමි. මා දන්නේ ඒ සෙනෙහසට ගුලි වී සිටින්නට මා වාසනාවන්තයෙක් නොවූ බව පමණි. මගෙන් පසු මල්ලිලා දෙදෙනෙක් වසර තුනෙන් තුනේ පරතරය ඇතිව පවුලට එකතු වූහ. වැඩිමහල් මළනුවන්ගේ ආගමනයත් සම`ග මා කෙරෙහිම මා සිත තුළ සංවේගයක් ඇතිවන්නට සමත් විය. මවගේ සෙනෙහස නොඅඩුවම තම අලූත උපන් බිළි`දා වෙත හිමිවිය. පහත් තැනින් යයි ගලා ජලේ යැයි පැවසෙන ආකාරයටම වරද කාගේ වුවද ද`ඩුවම මටම උරුම වූයේ කිනම් පදනමක් යටතේ දැයි තරුණයෙක් වූ මට අද ද වටහා ගත නොහැකිය.

‘‘ ආදරයේ උල්පත වූ අම්මා - මා ඔබගේ පුතු වූ ....... ’’ ඔබගේ සෙනෙහස යටතේ ජීවත්වන ගීත මා හද  කකියවයි. ඉරට සමාන කළ පියාත්, `දට සමාන කළ මවගේත් සෙනෙහස යටතේ ජීවත්වන දරුවෝ ලොව වාසනාවන්තය. නමුදු එවන් වාසනාවක් අපට උරුම නොවූයේ අපේම වරදින්ද? දරු සෙනෙහස හදවතින් වියැකී යන්නටවත්ම පවුලට කණකොකා හැඩුවේ තොර රහසේය. කැණිමඩල ගිනි ගත්තේය.

‘‘අනේ! මගේ අසරණ දරුවෝ උඹලව දාලා අම්මා ගියේ මොන හිතකින් ද කියලා මට තේරෙන් නෑ.’’
පියා අප තිදෙන තුරු`ඵ කරගෙන ඇ`ඩුවේ ය. දැනුම් තේරුම් වයසක නොසිටි පොඩි මල්ලි නිසා පියා තව තවත් අසරණ වූ බ වමට යන්තමට වගේ මතකය. මව සොයා ගෙන ගිය පියා නැවත ඈ කැටුව නිවසට පැමිණියේ යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමේ අරමුණින් නොව අප තිදෙනා ගැන සිතීමෙන් බව මා දැන උන්නෙමි.

තම කුස තුළ දරාන මෙළොව එළිය දකින්නට වාසනාව හිමිකර දුන් දරු සි`ගිත්තන් පිළිබ`දව මවකගේ සිතේ සෙනෙහස දෝරේ ගලා යා යුතුය. එහෙත් මගේ මවගේ සිතේ එවැනි හැ`ගීමක්, තෙතමනයක් පැවතියේ දැයි සැක සහිතය. සි`ගිති පැටවුන් තිදෙනෙක් හැරදමා යාමක් හෝ නැවතත් පියා කැටිව පැමිණි මව නික්ම යාමක් අපේක්‍ෂා කළ හැකිද යන ගැටලූව මා හද තුළ නිරන්තරයෙන් පැනනගී. වරදට පෙළඹෙන සිත ඉන් මුදවාගත නොහැක යන්න යළි යළිත් මාගේ ජීවිතය අබියස සපථ වන්නට විය. අම්මා අපේ ලෝකයෙන් නික්ම ගොස් තවත් ලෝකයක් හදන්නට වෙර දැරුවාය. නැන්දනියගේ සෙනෙහස නොමැති රැුකවරණයේ උරුමයත් සම`ග එය ද කරුමයක් සේ දැනෙන්නට විය. ළමා විය ගෙවී ගියේ සැහැල්ලූව, සතුට ජීවිතයෙන් දුරස් කර වේදනාව, පසුතැවීම එකතුකරමිනි.

අම්මෙක්, සහෝදරියක් නොමැති නිවස එළිය කරන්නට, මලණුවන් දෙදෙනාගේ වගකීම, නිවසේ වැඩකටයුතුත් මා බාරගත්තේ, පාසල් යන අවධියේ සිටය. මවගේ දෑතේ එල්ලී පාසල් යන දරුවන් දකින මා නෙත් ක`දුළෙන් තෙත් වන්නේ නිතැකින්මය. ආත්මානුකම්පාවක් සිත පුරා නැ`ගී එන්නට විය. මවට හෝ ඇයගේ ඥාතීන්ට අප පිළිබ`දව මතකයක් හෝ නොවූ බ වමට අද මෙන් සිහිපත් කළ හැකිය.

උසස් පෙළ ඉගෙන ගන්නා වයස යෞවනත්වයට, ආදරයට ඉ`ගි බි`ගි කරන්නට වූ අතර මාගේ ජීවිතයට ද එය අරුමයක් නොවුණි. සෙනෙහස පිරී ගිය සිතින් ප‍්‍රකාශිිත ආදරය හමුවේ දෙදෙනෙක්ම මා දමා පළා ගියේ තලඑ`ඵ පැහැය නොව ත`ද වර්ණයක් ගත් මාගේ සමේ පැහැයට බිය වීමෙන් දැයි සිතාගත නොහැකි විය. වේදනාව සහ ස්ත‍්‍රීත්වය පිළිබ`දව කළකිරීමත් සම`ග මා හුදකලාවට පෙම් බ`දින්නට විය. මව පිළිබ`දව අතීතය නැවත නැවත මා සිත පුරා මතකය අවධි කරන්නට අනපේක්‍ෂිතව යෙහෙළියක් ලෙස පැමිණි ඇය උත්සාහ ගත්තාය.

අහඹු ලෙස ජීවිතයට පැමිණි ඇය ජීවිතය පිළිබ`දව පසුතැවීමක් මෙන්ම ස්ත‍්‍රීත්වයට වෛරය මුදා හැරි මා සිත වෙනස් කරන්නට සමත් වූවා යැයි හැෙ`ගයි. සමීපතම මිතුරන් කීපදෙනෙක් පමණක් දැන සිටි මගේ ජීවිතය පිළිබ`දව බොහෝ තැන් ඇය කෙටි කලකින් ස්පර්ශ කිරීමට සමත් වූවාය.

‘‘මම පුංචි කාලේ අම්මා මට පොඞ්ඩක්වත් ආදරේ කරලා නෑ. අම්මාට තරහා ගියාම මාව මුගටියෙක් වෙලා කනවා කියලා තියෙනවා. මට කියන්න අම්මෙක්ගේ යුතුකම දරුවෙක් වදන එක විතරද?’’
මෙතෙක් කලක් සිතේ සිරවී තිබුණු පැනයක් මා ඈ හට යොමු කළේ, තරුණියක වූ ඇය වෙත හෝ පිළිතුරක් පවතීය යන විශ්වාසයෙනි. නන්නාදුනන තරුණියක හමුවේ මගේ ජීවිතයම නිරුවත් කරන්නට තරම් ඇය පිළිබ`දව මා සිත තුළ පැවතියේ අධිතක්සේරුවක් දැයි මටම සිතාගත නොහැකි  විය. මිතුරා හ`දුනාගත් තරුණිය පිළිබ`දව ඔහු ලබා දුන් සහතිකය මත සහ ඇසුරින් ඇය පිළිබදව ලබා ගත් අවබෝධය ඇය මගේ ජීවිතයේ විශ්වසනීය තැනැත්තියක කරන්නට සමත් විය. කඩා වැටුණු ජීවිතයට ඈ ශක්තියක් වූවා මෙන්ම මා සිත නැලවූ බව ද පිළිගනිමි.

‘‘අම්මට ඔයාලව දාලා යන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඇති. තාත්තාගෙන් කරදර තිබුණද දන්නෙත් නෑනේ.’’ ඈ පරිස්සම්ව හසුරුවන්නට විය.

‘‘නෑ. එහෙම කිසිම හේතුවක් තිබිලා නෑ. ඒත් අම්මා තාත්තාට වඩා අවුරුදු දහයක් විතර බාලයි. තාත්තා ඉස්සර බීවේවත් නෑ. ඒත් දැන් අම්මා නිසාම ටිකක් බොනවා. පව් තාත්තා.’’ මම පැවසුවේ පියා පිළිබ`දව හදේ උපන් දයාවෙනි.

තමාට හැකි අයුරින් මව නොමැති අඩුව නොදැනෙන්න වගබලා ගනිමින් පියා අපි දැඩි කරන්නට කැප වූයේ සිතින් වේදනා වි`දිමින් බව දනිමි. මවකගේ ආදරයක්, රැුකවරණයක් නොමැතිව බාල වියේ පසු වූ දරු තිදෙනෙක් සම`ග තනි වූ පියා තුළින් මෙන්ම මා ලෝකය දුටු අයුරින් දුසිරිතෙන් ඈත්ව සිටින්නට තරම් දැඩි ආත්ම ශක්තියක් හිමිව පැවතුණි. තාරුණ්‍යය ආවේගශීලී, ප‍්‍රකෝපකාරී, අත්හදා බැලීමට නැඹුරුතාවක් දක්වද්දී මා සංවේදී පුද්ගලයෙක් ලෙස ජීවිතය දෙස බලන්නට පුරුදු විය.

‘‘කොල්ලෝ කියනවා පාටි එකක් ගියපුවාම පොඞ්ඩක් බීපං කියලා. මට එහෙම කරන්න  ඕන නෑ. දැකලා තියෙනවා තාත්තා බොන නිසා දරුවෝ දුක් වි`දිනවා. පවුල් විනාශ වෙනවා.’’ මා කවර පුද්ගලයෙක් දැයි කෙලෙස නම් ඈ වටහා ගන්නේ දැයි මට සිතා ගත නොහැකි විය. එහෙත්,

‘‘මට ඔයා ගැන ආඩම්බරයි.’’ ඇය දිනෙක එලෙස පැවසුවාය. මා සතුටට පත්විය. යුවතියක ලෙස මට එවන් තක්සේරුවක් ලබා දුන් පළමු තැනැත්තිය ඇයයි. ඈ මෙන්ම මා සමීපතම මිතුරන්ද මා පිළිබ`දව සතුටුවන බව මා දැන සිටියෙමි. ඇය සම`ග දොඩම`ඵ වෙද්දි දැනෙන සතුට සැහැල්ලූව නිවෙස දී හෝ නොලැබෙන්නේ මන්දැයි මටම ගැට`ඵවක් විය. මා සිත විටින්විට රිදෙන්නට වෙයි.

උසස්පෙළ විභාගය අවසන්ව වසර කීපයක් ඉක්ම ගිය ද විරැකියාව මා සිත පීඩාවට පත් කළෙන් ජීවිතය පිළිබ`දව පැවති කළකිරීම වැඩිකරන්නට විය. සහෝදරයන් ද විටෙක මා පෙළුයේ කිමදැයි වටහාගත නොහැකිව රිදුම් දෙන සිත ඇගේ මතකයෙන් සුවපත්කර ගන්නට වෙහෙසුණෙමි. 

‘‘උඹලගේ අම්මා ගියේ උඹලා තුන්දෙනාගෙම කාලකන්නිකමට. නැත්නම් වෙන මොකක් නිසාවත් නෙවෙයි.’’ ඥාතීන්ගේ වදන් මා දෙසවන් දෝංකාර දෙන්නට වූයේ සම්මුඛ පරීක්‍ෂණයකින් පසුව නිවසට පැමිණි මාගෙන් වැඩිමහලූ මළනුන් විමසූ ප‍්‍රශ්න හේතුවෙනි.

‘‘මොකෝ අයියේ වුණේ?’’ `දුම් අස්කරන්නටත් පෙරම මා වෙත පැමිණි තාරු මගෙන් විමසන විට විඩාබර වත ශෝකාකූල වූ බව මටම වැටහුණි. මා මළනුන්ගෙන් දෙනෙත් වසන් කර ගන්නට වෙර දැරුවෙමි.

‘‘වැඩක් නෑ. ඩිග්රිය ඇහුවා.’’

‘‘උඹ මොකකට ගියත් ඔහොමනේ. තියෙන කාලකන්නිකමනේ.’’ මළනුන්ගේ වදන් මා වේදනාවට පත්කරන්නට විය. ඥාතීන්ගෙන් නැෙ`ගන සිත් රිදෙන කියුම් සහ මළනුන්ගේ වදන් මා සිත තවත් ඔත්පල කරන්නට සමත් විය. 

මා ඇ`දට වී දෙකන් වසාගෙන ගුලිගැසුණාය. නොදැනුවත්වම නෙත`ගින් කදුළු හැලෙන්නට විය.  සැබවින්ම පිරිමි දරුවන් තිදෙනෙකුගේ උපත පවුලකට අවාසනාවක් දැයි මා නොදනිමි. මා දන්නේ මව අප හැරගිය පසු අඩුපාඩුවක් නොවන්නට හැකි ලෙස මළනුවන් බලා කියාගෙන, කන්නට බත සරිකර දුන් බව පමණි. එවන් මා ඔවුන්ට කාලකන්නියෙකු වූයේ කෙලෙසදැයි මට සිතා ගත නොහැකි විය. ඥාතීන් කෙසේවෙතත් මගේ සොයුරාම සිත රිදවීම තරුණ පිරිමි සිතට දරාගත නොහැකි විය. 

‘‘ඔයා වැඩිය හිතන් එපා. මල්ලි එහෙම කතා කරන එක වැරදී තමයි. ඔයාට ඉක්මනටම ජොබ් එකක් හම්බවෙයි.’’ 

ඈ මා සිත අස්වසන්නට උත්සාහ ගත්තාය. නැගණියකවත් සිටියේ නම් යැයි මට සිතුණු වාර අපමණ විය. ඇය බාල සොහොයුරෙකුට, දරුවෙකුට මෙන් මට සැලකිම මව් සෙනෙහස පිළිබ`දව සිත විසමන්නට හේතු විය. සිංහල අලූත් අවරුදු දිනයට චාරිත‍්‍ර ඉටුකිරීමට මව නොමැති නිවසේ නිශ්ඵල යැයි මට සිතුණි. විටෙක අලූත් අවුරුදු දිනයේ දී පියාද සේවයට වාර්තා කර තිබීම එම සිතුවිල්ලට සෑම වසරකම පියාපත් හිමිවිය. අනෙක් පවුල්වල දරුවන් සහ දෙමාපියන් එකතු වි ප‍්‍රීතිවන අයුරු දකින මා සිත පීඩාවට පත් වෙයි. මව, පියා ජීවත්ව සිටියද සෑම අවුරුදු දිනයක්ම මා හුදෙකලාවට පත් කරයි. අම්මා පිළිබ`ද මතකයේ සතුටුවිය හැකි මතක සේයාවක්වත් මා සිත ස්පර්ශ නොකරන විට ඇය නිතැකින්ම සිහිපත් වෙයි. සෑම මොහොතකම මගේ යහපත පතන, බිද වැටුණු සිත නගා සිටුවන ඇය මට යෙහෙළියක් පමණක් ද සිත යළි යළිත් මා පීඩාවට පත් කරන්නට විය. 

මවකගේ සෙනෙහස නොලද මා, අහඹු ලෙස මගේ ලොවට පිය මැන්න එම යුවතියගේ සමාගම ප‍්‍රිය උපදවන්නට විය. මව් සෙනෙහසක් වැනි හැ`ගීමක් මා සිත උපදින්නට වූයේ නිතැකින්මය. ඇය වැනි යුවතියක මා කෙලෙස පිළිගනීවිද යන සැකය උපදියි. මිතුරා ඇය පිළිබ`දව කුමක් සිතා සිටීදැයි නොදැන සිටිමුත් මා සිත නිරතුරුවම ඈ තතු විමසන බව පිළිගත යුතුව ඇත. යළිත් වරක් මා තරුණියක හේතුවෙන් අසරණවන බවක් මට හැෙ`ගන්නට විය. තවදුරටත් සිත වසන්කර ගැනීමට අපහසුබව මට දැනෙන්නට වූයේ මගේ වෙනස වැටහී ඇය පැවසූ ඇතැම් දේ හේතුවෙනි. ඇය මගෙන් දුරස්ව යනු ඇතැයි සිත බිය නොවුනා නොවේ. කුමක් වුවද කම් නැතැයි මගේ ඇතුළු හද විවර කිරීමට මා තීරණය කළෙමි. 

උදෑසන මීදුමත් ඈත පිපී හිනැහෙන මල් පොකුරුත් නව හිරු රැසුත් දුටු මා සිත විකසිත වන්නට විය. අපූර්ව සුන්දර දවසක ආරම්භය අද මෙන්ම හෙටත් මතුවටත් සුන්දර වනු ඇතැයි මගේ යටි සිත මොරගෑවේය. සුදු ඇ`දුමින් සැරසී මවගේ දෙඅත් අල්ලන් ගුරුපාර දිගේ පිය මනින සි`ගිත්තන් දකින මගේ සිත සතුට ස`ගවා ශෝකය මතුකරවන්නට විය. කොතෙක් වෙර දැරුවද මෙළොව එළිය දකින්නට වරම් දුන් මව පිළිබ`ද සෙනෙහසක් ආදරයක් උපදවා ගැනීමට මේ තරුණ සිතට තවමත් නොහැකි වීමට හේතු විමසයි. මව් පාර්ශවයේ ඥාතීන්ගේ උත්සවයක දී වුවද මුහුණ පෑමට සිදු වූ මදිපුංචිකම් හමුවේ වැරැද්ද සිදු වී ඇත්තේ අප ජීවිතවලට වුවත් එම වැරදි උඩු සුළෙ`ග් පා කර හරින්නට හැකිනම්. ආත්මානුකම්පාවෙන් පීඩිතව වේදනා දෙන හුදෙකලා හදවතට සහන් එළියක් වී පායන්නට ඇයට හැකිනම් යැයි මා යටි සිතින් පැතුම් පැතුවෙමි.

සුන්දර උදෑසන සො`දුරු දිනෙක ආරම්භය යැයි කියා පෑවද හෝරාවෙන් හෝරාව ඉක්ම යද්දී මා සිතුම් නිවැරදි නොවන බව පරිසරය වෙනස් වෙමින් පවසන්නට විය. උදෑසන ඇමද තිබූ මිදුල පුරා සුළ`ගට ගසා ආ කොළ පැතිරෙන්නට විය. හිරු එළිය මකා දමා අ`දුරු වළාකුළු නිල් අහස පුරා පැතිරෙන්නට සැරසෙයි. වැහි බිංදු කඩා වැටෙන්නට වූයේ මා සිත ද හ`ඩවමිනි. මා ආදරෙන් හැදූ එකම මල් ප`දුර වූ ඬේලියා මල් ප`දුර වැසි බිංදුවල බර දරාගත නොහැකිව පොළොව වෙත නැමී තිබුණි. මඩ පැහැ දිය ධාරාව ඬේලියා මල් ප`දුර මතින් ගලා යන බව දුටු මා සිත දුක් විය. 

හදේ සෙනෙහස ඈ ඉදිරියේ විවර කරන්නට සුදුසුම දින ලෙස සිතූ එහෙත් ඒ සුන්දර දිනය අකල් වැස්සකින් අසුන්දර කළ හැටි. ඇගේ සෙනෙහස ද අහිමිවනු ඇත යන අනපේක්‍ෂිත බියකින් සිත ඇළලී යන්නට විය.

‘‘ ඔයා ඇයි ඔහොම දෙයක් කීවේ. අනික මගේ හිතේ මොනවා තියෙද කියලාවත් දන්නැතිව. ඔයා මගේ යා`ඵවෙක්. සහෝදරයෙක් විතරයි.’’

ඇගේ වදන් මා රිදවමින් මා හැඩුවෙමි. එහෙත් මා ඇයට ආදරය කළ තරමට ඇයට බැන හෝ වෛර කර මා සිත සනසා ගත නොහැක. කෙනෙකුන් ඈ මා ප‍්‍රතික්‍ෂේප කළද මා තවමත් ඇයට නොවෙනස් ආදරයක සිටී. මා බියවූව ද මා සෙනෙහස ඉදිරියේ ඈ මා අතැර නොගියාය. නමුදු ඇගේ සෙනෙහස පුද නොදුන්නාය. එදා මෙන්ම අදද හෙටද ඇයට මා මිතුරෙකු, සහෝරයෙක් පමණක්ම විය හැක.

‘‘ අයියේ, අම්මාට සනීප නෑ කියන්නේ.’’ මා කල්පනාවක සිටි මොහොතක මළනුවන් කලබලයෙන් මෙන් මට පැවසුවේය. එහෙත් මා එය එතරම් ගණනකට නොගත්තේය. 

‘‘අයියේ.....’’
‘‘ ම්හ්..... ’’
‘‘ ඇහුනේ නැද්ද කියපු එක.’’
‘‘ ඇහුණා ’’
‘‘ එහෙනම් ඔහොම ඉන්නේ? ’’
‘‘ මම මොනවා කරන්නද? අම්මා අපිව දාලා ගියේ අපි  ඕන නෑ කියලානේ. පුංචි මල්ලි කිරි බොන වයසේදීම එයා දාලා ගියා. මට අම්මෙක් නෑ. මගේ අම්මත් තාත්තාම තමයි. අම්මා මට වෛර කරපු තරමට මට එයාට වෙර කරන්න බෑ. ඒත් මට එයාට අම්මා කියලා කථා කරන්නවත් ආදරේ කරන්නවත් අද පු`ඵවන්කමක් නෑ.’’ 

මා මෙළොව බිහිකළ ද මවක ලෙස ඈ කෙරෙහි මා සිත තුළ ගෞරවයක් නූපදී. ඒ මතකය මා සිත පාරවන්නේ නිතැකින්මය. දෙනයන ක`දුළින් පුරවයි. පිරිමි දරුවෙකු ලෙස නිවසේ කාන්තාවකගේ චරිතය ර`ගදක්වන්නට සිදු වූයේ දෛවයේ සරදමටදැයි මටම සිතාගත නොහැකි විය. පාන්දරින් අවදි වී ආහාර පිසීම, දර දිය ඇදීම, නිවස අතුගෑම සියලූම නිවසේ වැඩකටයුතු මා මත පැටවුණි. පොඩි මල්ලි සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ පන්තියට බාර දෙන්නට ඔහු සම`ග පාසලට යන්නට සිදු වූයේ මටය. පියා රැකියාවේ නිරතවීම හේතුවෙන් අනෙකුත් සියලූම වගකීම් නැතැකින්ම මා මත පැටවුණ ද ඒවා කරදරයක් සේ මා නොසිතුවෙමි.

‘‘ එක පාරක්හරි අම්මව ගිහින් බලන්න. මොන වරද කළත් ඒ අම්මානේ. මම ඔයාට කලින්ම කීවානේ අම්මාට ඔයාලව  ඕනවෙන දවසක් එනවා කියලා.’’ අඛණ්ඩවම මවගේ රෝගී තත්ත්වය සුවදායක නොවන බව මා දැකීමේ ප‍්‍රබල ආශාවත් විසින් ඇය පීඩාවි`දින බවටත් ලැබෙන පණිවිඩ හමුවේ මාගේ නිහ`ඩබව ඇය අනුමත නොකළාය. කුඩා කල පෑරුණු සිත සකසා ගන්නට මා වෑයමක යෙදුණි. 

කැමැත්ත අකමැත්ත කුමක් වුවද දිනෙක මා රෝහල වෙත පැමිණියේ මවගේ කැමැත්ත ඉටු කිරීමේ අරමුණින්ය. තරුණියගේ කැමැත්ත පරිදි පලතුරු කීපයක් මිලදී ගත් මා රෝහලේ ම සිටින ඇ`ද වෙත පියමැන්නේ කුතුහලයෙන් සහ අපහසුතාවයකිනි. මවගේ ඇද වටේ පිරිසක් රැ`දී සිටියද ඔවුන් දෙස නෙත් හෙළීමට මා සිත් නොදුන් අතර මවගේ වත දෙස වරක් පමණක්  බලා මා ඉවත බලා ගත්තේය. සේලයින් කටු ගැසීම නිසා ඉදිමුණු දෑත, මලානික මුහුණත් සහිතව ඇය නිසොල්මනේ වැතිර සිටියාය. මොහොතක් රැ`දී සිටි මා නැවත පැමිණෙන්නට සැරසුණෙමි.

‘‘ ලොකූ ......’’ ඈ මා අමතයි. ඉදිරියට තැබූ පාදය පිටුපසට ගෙන මා ඈ දෙස බැලූවෙමි.

‘‘ පුංචම්මා, දැන් හො`දයිද ඔයාට?’’ කාරුණිකව විමසනු ඇසෙන යුවතියගේ කටහ`ඩ ඇසූ මා සිත එක්වරම නතර වූවාදැයි මටම සිතාගත නොහැකි විය. මා හිස හැරවූවා නොව එක්වරම කටහ`ඩ ඇසුණු දෙස බැලූවෙමි. මා සිත නතර විය. හුස්ම ගන්නට අමතකව ගොස් තත්පර කීපයක් ගතවන්නට ඇත. 

‘‘ ලොකූ, මේ කුඩප්පොච්චගේ දුව ස`දුනි. දුව මේ සමිදුල්’’ 

මව අපහසුවෙන් හ`ඩ අවදිකරමින් ඈ මටත් මා ඇයටත් හ`දුන්වා දුන්නාය. මා සිත ගිනිගත්තේය. ඇයද විමතියෙන් මා දෙස බලාගෙනය. කිසිදාක හමුවී නැතත් මා සිත සැනසූ මා සිතේ සෙනෙහසක් ඇති කළ ඈ අප නිවසේ කැණිමඩල ගිනිතැබූ අයගේ දරුවෙක් ...... මා අවසිහියෙන් මෙන් රෝහලෙන් පිටවූවෙමි. 

එදා ඬේලියා මල් ප`දුර පිපුණු එකම මලත් සම`ග වතුරට යට වී විනාශ වී පැවසුවේ කුමක්ද? මා සිතද? ඈ සිතද? අපේ ජිවිතය හෝ අනාගතය විවර කරාදැයි අදද වටහාගත නොහැක. නොනවත්වාම නදදෙන දුරකථන තිරය දෙස බැලූ මම එය ක‍්‍රියාවිරහිත කර සාක්කුවේ රුවාගත්තේ කැළඹුණු සිතුවිලි සම`ගය.
  
          
                                                                                                    *** ම්ථිලා හේමචන්ද්‍ර ***

2 comments: