Saturday, March 28, 2015





බොහෝ දෙනෙක් සඳට තරුවට පෙම් කරනවා ඇති. තරුව ඔහු වී සඳවතිය ඇය වූයේ නම්, නිශා අහසේ සොඳුරුබව ඔවුන්ගේ ජීවිතවලටද දැනෙනු ඇත. එහෙත් අහසට සඳත් තරුත් දෙකම අයිති වුවත් තරුවට සඳ හිමිකරගත හැකිද? ඇතැම් ප්‍රේමයන් හරියට අහස වගේ. ඒ හඳ තරු වගේ. එකම අහසක එකම තලයක සිටිද්දි තරුව හඳ ඒ හැමදේම රාත්‍රියට අයිතියිම වගේ ඔවුනොවුනුත් ඔවුන්ට අයිතියි කියලා හිතන්න ඇති.  ඒත් කවමදාවත් ලිහාගන්න බැරි වගේම හිමි කර ගන්න බැරි කතාවක් ඒ තරු වගේම හඳ වටාත් ගෙතිලා තියෙනවා. ඒ හඳට වගේම තරුවට මාත් හැමදාමත් ආදරෙයි.  



සඳ තරුව

තරු කුමරු ඉඟි කළා
සඳවතිය දෙස බලා
නිශා අහසේ ඇඳුණු සෙවනැලි
වළාරොදකට මුසු කළා

සඳවතිය කැළඹූණා
තනිතරුව දුටු නිසා
එකම අහසට අරුම කීවද
හිනැහෙන්න යළි බෑ කියා

වළාරොදකින් සැඟවුණා
හිනැහෙන්නේ යළි නෑ කියා
අහස් උයනේ තරුව තනි වී
නිශා අහසට පෙම් කළා
සඳවතිය යළි එයි කියා

*** මිථිලා හේමචන්ද්‍ර ***
 



No comments:

Post a Comment