දෛවය
නිශා අහසේ සඳ
තරුව නැත
වළාකුළු මැද
සඟවලා
හිනැහෙන්න මට වරම් දෙනු මැන
සඳ සාවියේ
හිනැහිලා
සීත මදනල සුවඳ
මල් නැත
විහඟ ගී හඩ
වියැකිලා
ගැලූ ඇළ දොල
දියඹ අද නැත
සොබා මව් ඇත
රුදු වෙලා
සිතේ සිතුවිලි
දුරක ගොස් ඇත
කොළොම්තොට මා
තනිවෙලා
දිව එන්න මට
වරම් දෙනු මැන
ගම් පියස වෙත
පියඹලා ......
*** මිථිලා
හේමචන්ද්‍ර ***
No comments:
Post a Comment