Sunday, March 29, 2015



-- පායාපං මා සිත් අහසට --

දුරක සිට පෙම් කරමි. දිනෙක හමුවේ යැයි බලාපොරොත්තුවෙන්. මා සෑම රාත්‍රියකටම පෙම් කරමි. සැමදා ඔබ දසුන මා නෙත් යා වෙන නිසා. ඔබේ රුව මා හදවතේ සිතුවම් කර ඇත. ඇතැම් විටෙක ඔබද නොදන්නා සොදුරු සිතුවමක් ලෙස. වස්සානයකින් පසු වසන්තය එළඹෙයි. මාගේ ජීවිතය ද එතරම්ම සොදුරුබව පසක් වෙයි, ඔබ මා අසලම සිටිනවානම්. කවුරුන් ඔබට ළංවෙන්නට වෙර දුරුව ද මා ඔබ වෙනුවෙන් තවමත් බලා සිටිමි. සද අයිති අහසටයි.තරු අයිති අහසටයි. දිනෙක මේ අහස අප එක් කරනු ඇත. එතෙක් මා සෑම රාත්‍රියකම සද තරුවේ ඔබ දෙස බලා සිටිමි.

නිල්වන් අහස් ගැබ නුඹ මට
තනිතරුව ඉඟිකරන හැම රැයකම
සොඳුරුය මහ'ද සිත්තම
සඳ සාවියේ සිතුවම් කරපු දින නුඹ

නිශා කඳුළැලි වගුරන
සොඳුරු වස්සානයකි පැතුමන් රැගෙන එන
තනිතරුව ඉඟිකරන අරුමය
සාවියේ දුටුවෙද ප්‍රේමයයි එය

සියොතුන් ළං වෙන්න වෙරදරන
තනිතරුවේ නොහඩන්න කිසිවිට
සඳට පෙම් බැඳි තරුව විලසට
පායාපන් හෙටත් මා සිත් අහසට

*** මිථිලා හේමචන්ද්‍ර ***





No comments:

Post a Comment