--- වැසි අඟන
ඔබමය --
ගිනිගහන දහවල
නිවා මා සරතැස
බලන් මා සකි
කිමද මේ අරුමය........
ඇදවැටුණු අමා
දිය පහස
ඉසිඹුලන සිත්
අහස
වසත් සමයට
කරයි ඇරයුම
කටුක සැමරුන්
අතරින
සිනාකැන් ගෙන
එන අරුමය
කවුද මැව්වේ
මේ සොඳුරු නිමේෂය ........
වළාරොද විගසින
සක්මන් කරන මා
සිත
කිතිකවන හද
පතුල
මවයි ඔබෙ රූ වරුණ විගසින
සියොත් ගී නද
පතුරන
ඔබේ හඬ මා
සවන් රඳවන
මිහිරි
හැඟුමින් ගත පිනායන
වසන්තය රැගෙන
ආ
ඔබයි මගේ ප්‍රේමිය
.............
** මිථිලා
හේමචන්ද්‍ර **
No comments:
Post a Comment