** සිතුවිලි
අතරේ සැරිසැරූ ආදරය **
දෙකම්මුලෙන්
ගලාගෙන යන කඳුළු ආයාචනා කළේ සිනහාවට නෙවෙයි කඳුළට. ආයෙ ආයෙ අඬන්න කියලා කඳුළට
ආරාධනා කරන්න ගත්තා. ඒත් හිත අස්සේ කියාගන්න බැරි තේරුම් ගන්න බැරි මොකක්දෝ කථා
ගොඩක් තෙරපිලා තියෙනවා කියලා මම දැනගෙන උන්නා. සිතුවිලි දුරගිහින් කඳුළැලි විවර
වුණේ මමවත් නොහිතපු මොහොතක. වෙන්වීමක් එක්ක ජීවිතේ යම් අහිමිවීමක් තියෙනවා කියලා
හිත මොරගාන්න ගත්තාදෝ මන්දා. අහිමිවීම මොකක් ද කියලා කෙනෙක් මගෙන් ඇහුවොත් මට
කියන්න තියෙන්නේ අපේ ජීවිතේ නිදහස් කාලේ අපිට අහිමි වුණා කියන එක. අධ්‍යාපන ලබන
කාලයේ හිතට ලොකු බරක් වගේ දැනුනේ පාඩම් කටයුතු. වෙලාවකට ආර්ථිකය. හිතාගන්නවත්,
පැටලුම් ලිහාගන්න බැරි විදියට මගේ මනස ව්‍යාකූල වෙන්න අරගෙන. මහා හයියෙන් ඇදගෙන
වැටුණු වැස්සට අහුවෙලා තෙමිලා මම ගෙට ගොඩ වැදුණා. ඒ වැස්සට අහුවෙලාම මගේ මොළේ
පෙගුණවත් ද කියලා මට හිතාගන්න බැරි වුණා.
හිතාගන්නවත්
බැරි විදියට මට ආදරේ කරන්න අරගෙන. මගේ ජීවිතේම ඒ සෙනෙහසට බාරදෙන්න පුළුවන්ද කියලා
මම මගේ හිතෙන් අහන්න උත්සාහ ගත්තේ නෑ. කඳුළෙන් දෙනෙත් තෙත් වෙලා තියෙනවා
දකින්නවත් අකමැති ඒ රුව මගෙන් අයැදියේ සිනහව. අසිරිමත් සිනහව. ඒත් හැමදාටම ඒ වචන
නිසාවත් මට හිනාවෙලා ඉන්න පුළුවන්කමක් නෑ නේද කියලා දැනෙද්දි, සිතෙද්දි සිත්
අග්ගිස්සෙන් ළතැවුලක් මෝදු වෙලා ඇවිත් නෙත් අග්ගිස්සෙන් හෙමීට පල්ලම් බහින්න අවසර
ඉල්ලනවා.
"මට ඔයාව දකින්න ඕන. කීයට හරි ඔයා එනකම් මම
එතනටම වෙලා බලාගෙන ඉන්නම්."
මොන හේතුවකට ඔයා මට එහෙම ආදරේ කරනවාද කියන්න දැනගෙන හිටියේ නෑ. දවසක ඔයාව ලැබෙයිද කියලාවත් දන්නැතිව අපි ළං වුණා. ඒත් ඔයා හැමවෙලේම මම වෙනුවෙන් පැතුමන් පැතුවා.
මොන හේතුවකට ඔයා මට එහෙම ආදරේ කරනවාද කියන්න දැනගෙන හිටියේ නෑ. දවසක ඔයාව ලැබෙයිද කියලාවත් දන්නැතිව අපි ළං වුණා. ඒත් ඔයා හැමවෙලේම මම වෙනුවෙන් පැතුමන් පැතුවා.
" අනාගතේ හරි දරුණුයි. මට අනාගතේ ගැන බය හිතෙනවා. මට ආයෙමත් අපි මුණ ගැහුණු
ළංවුණු අතීතෙට යන්න තියෙනවානම්. "
ජීවිතේ බරක් පතලක් නැතිව සැහැල්ලුවෙන් ගෙවුණු කාලේ නිමා වෙලා. අපේ සමනල කාලේ හෙමීටම ගෙවිලා ගිහින්. දැන් දැන් ජීවිතේ ගැන දැනෙන බය ඔයාට කියලා රිද්දන්න මට ඕනකළේ නෑ. ඒත් මම සිතට දැනෙන ඕන දෙයක් ඔයාට කියන්න උත්සාහ ගත්තා.
ජීවිතේ බරක් පතලක් නැතිව සැහැල්ලුවෙන් ගෙවුණු කාලේ නිමා වෙලා. අපේ සමනල කාලේ හෙමීටම ගෙවිලා ගිහින්. දැන් දැන් ජීවිතේ ගැන දැනෙන බය ඔයාට කියලා රිද්දන්න මට ඕනකළේ නෑ. ඒත් මම සිතට දැනෙන ඕන දෙයක් ඔයාට කියන්න උත්සාහ ගත්තා.
"
මොන හේතුවක්ද දන්නෑ මට ඇඬෙනවා. මට ජිවිතේ ආපස්සට යන්න ඕන. මට ඉස්සරහට යන්න
බෑ. මම අනාගතේට බයයි." මගේ හිත බයවුණු මොහොතක මම ඔයාට කීවා.
"
අඬන් එපා. ඔහොම කියද්දි මාත් අවුල් යනවා. ඔයා බයවෙන්න එපා. මම ආසයි ඔයාව
සතුටින් තියලා ඔයා එක්ක ජීවත් වෙන්න. මට ඔයාව දැන් මුණ ගැහෙනකම්
හදිස්සියි." මගෙ කඳුළු පිහදාන්න මගේ ළඟ නොසිටි මොහොතක ඔයත් දුක් වුණා.
හිමි වීමට වඩා
අහිමිවීමට වැඩි ඉඩක් තියෙන කථාවක මාත් තනිවෙලා වගේ. මට කිසිම දෙයක් පැහැදිලිව
ලිහාගන්න බැරිව තනියම හීල්ලෙනවා. ඔයා කීවේ කාගේවත් බලපෑම් වලට යටත් වෙන් නැතිව මට
කැමති තීරණ ගන්න කියලා. මම හැමදාම තීරණ ගන්න බයයි. කාගෙන් හරි අහලා තීරණ ගන්න මට
ඔයා හොඳ අනාවැකි කියන්නෙක් වගේ.
අනාගතේට බය
වුණු ඔයා මට ශක්තියක් වුණා. " කවුරු මොනා කීවත් මම ඔයා වෙනුවෙන් හැමදාම
ඉන්නවා. මම ඔයාට ගොඩක්
ආදරෙයි. "
ඔයාගේ වචන මට
තාමත් අද ඊයේ වගේ මතකයි. ඒ මතකය අවුරුදු ගාණක් ගතවුණත් මට තවමත් නැවුම්. වියපත්
අතැඟිලි අතරේ රැදිලා තියෙන මුද්ද දිහා බලාගෙන මම මිදුල දිහා බලාගෙන උන්නේ ඔයාගේ
රුව හීන් අඳුරත් එක්කම ගෙට ගොඩවෙනතුරු.
**
මිථිලා හේමචන්ද්‍ර**
No comments:
Post a Comment