නිශා කඳුලැලි
උරුමයක් නැතැයි කී නිශා ගැබ සඳ තනිවුණා දුක් කඳුලු වෑහුනත් ඔබට එය නොපෙනුනා........ තනි තරුව තනි රැක්ක සඳවතිය ඉකි ගසා වර්ෂාව ඉගිලුණා අහස් ගැබ ඉරි තලා..........
සඳ කොහෙද තනි තරුව මං සොයනු බැරි නිසා ගණ අදුරේ ඔබ සොයා දිව එන්න සිත් වුණා සඳවතිය නුඹ කොහෙද මගේ සිත විමසුවා දුක් කඳුලු කැට අතරේ නුඹ කොහේ සැඟවිලා...........
ඉකිබිඳුම නොඇසෙන්න සුළං රොද දඟකළා වළාරොඳ තනිතරුව නොපෙනෙන්න සඟවලා නුබ ගැබේ සැගවිලා...................... දුර ඇඳුණු පෙම් සිහින අනෙකෙකුට ළංවෙලා..........
ම්ථිලා හේමචන්ද්‍ර | | | |
No comments:
Post a Comment