Wednesday, November 26, 2014





අහිමි කව

රාත‍්‍රි අහස දෙස බලා සිටින්නට ඈ සැමදාමත් ප‍්‍රිය කළාය. සඳ සාවියට නුදුරෙන් දිලෙන තරු කුමරු සැමදා සඳගේ තනි රකිනු ඇතැයි සිතුවද නොසිතූ ලෙසින් සඳට ළංවිය නොහැකි දුරින් දිදිලූ තාරකාව සඳටත් නොකියාම දුර ගමනක ගොසින්ය. තවත් තරුවකට නුදුරින් එළිය දෙන්නේ ඒ තරුවදැයි වටහා ගත නොහැකිව නිර්මාණිගේ නෙත් කඳුළින් තෙත් වූයේ ඇයටත් නොදැනීමය.

‘‘ නිර්මා ..... ඇයි ? වෙලා එළියේ? එන්න යමු ඇතුළට ’’ උමෝදා නිර්මාණිගේ අතින් ඇද්දාය. එහෙත් ඈ නිහඬව නොසෙල්වී ඈත අහස දෙස බලාගෙනය.
‘‘ ඔයා ඔය අඬනවාද නංගී? ’’ නිර්මාණිගේ සුසුම් හඬ උමෝදාගේ සිත සලිත කළේය. ඈ නිර්මාණි ඉදසිටි බැම්ම මතින් ඉඳ ගත්තාය.

නිර්මාණිට තම ජීවිතය පාලු වෙලා කියලා දැනෙන්න පටන් ගත්තේ අදක ඊයෙක් නම් නොවේ. දැන් දැන් වැඩි වැඩියෙන් ඒ වෙනස දැනෙන්න අරගෙන කියලා දැනෙද්දි ඇගේ සිත වේදනාවකින් පෙළෙන්නට විය. මව හා පියාගේ වියෝවෙන් පසු ඇයට ඇගේ කියලා ලෝකේ ඉතිරි වුණේ අයියයි මල්ලියි විතරයි.

‘‘ මොකද කෙල්ලේ මේ? ඔහොම අඬනන තරමට මොකද වුණේ ඔයාට? ’’ උමෝදා නිර්මාණිව තමන්ගේ පැත්තට හරවා ගත්තාය.
‘‘ මට තේරෙන් නෑ. ඒත් මගේ හිතේ වේදනාවක් දුකක් තියෙනවා. මට ඒක කියාගන්න තේරෙන්නේ නෑ. මට මෙහෙම්ම පොඩ්ඩක් ඉන්න දෙන්න ’’

මිදුලේ තනිවුණු නිර්මාණිගේ සිත ඈටත් නොදැනිම අතීතයට ගෙන ගියා. හසරැල්ල, කඳුලැල්ල සොයාගෙන දිතු ගමනක යෙදුණේය. ජීවිතයේ මහා ලොකු බලාපොරොත්තු නැතත් සරසවිය ඇගේ ප‍්‍රධාන අරමුණ මව, පියාගේ සිහිනය එය බවම දැන දැනය. එහෙත් ...... ඇගේ සරසවි සිහිනය ඉටුවන විටත් ඈත් සමඟ උන්නේ ඇගේ පියාණන් පමණයි. උතුම් පිං බිමකට පා තබනවා වැනි හැඟීමකින් සරසවියට පැමිණි ඇගේ ජිවිතයේ අත් වාරුව බිද වැටුණේ ඇය නොසිතපු විදියට. කාලයත් සමඟ දවසින් දවස ගෙවෙන ඇගේ ජීවිතය අබියස නෙත් සඟලක් නැවතී ඇති බව ඇය නොදැන සිටියාය.

සැමදා රාත‍්‍රියේ නුබ ගැබ දෙස බලා සිටි නිර්මාණි දුටුවේ සඳට ළංවීමට නොහැකිව නුදුරින් දිලෙන තාරකාවය. ඇගේ නෙත් සෑම රාත‍්‍රියකම සෙව්වේ සඳහා තරුවයි. සරසවි නේවාසිකාගාරයේ කවුලුව අතරින් එබිකම් කරන තරුව වගේම ඒ නෙත් සඟලත් නිර්මාණිව සොයන්නට අරගෙන නොබෝ කලක් ගත වී ගොස්ය.

‘‘ නිර්මාණි, කෙනෙක් ඔයාට කැමතියිලූ. දන්න තරමින් හොඳ ළමයෙක්. කැමතිනම් හිතලා බලන්න. ’’ උමෝදා දිනෙක නිර්මාණිට පැවසුවේ ඒ කවරෙක්දැයි පෙන්වමිනි.
ඇයට සරසවි පේ‍්‍රමයක් පිළිබඳ සිහින නොතිබුණි. එහෙත් කාලයත් සමඟ ඇගේ නෙත් ඇයටත් නොදැනිම ඒ රුව සොයන්නට වූයේ කිමදැයි අරුත් සොයන්නට ඇය වෙහෙස නොවූවාය. ජීවිතය පිළිබඳව කියාදෙන්නට ළඟක හෝ තම ජීවිතයේවත් නොසිටි දෙමව්පියන්ගේ මතකය නැවත නැවතත් සිහිපත් විය. රාත‍්‍රියේ මිදුලට වී කල්පනාවේ සිටි නිර්මාණිගේ ගත සිපගත්තේ සිහින් මද නළකි. නැවුම් හැඟුමන් සිතට ආරාධනා කළ මුත් ........ ඒ මතකය සිහිනයක්ම නොවේදැයි නිර්මාණිට සිහිපත් විය. අතීත මතක නටඹුන් අතරේ සැරිසරන ඇගේ සිත යථා මනෝභාවයට පත්වුවද  නැවත නැවතත් ඒ අතීතයම සොයා පියමං කරන්නට විය. ඈ එතරම්ම ඒ අතීතයට ඇලුම් කළාය. දෙනෙත් පියාගත් ඈ සුළගේ පහස විදිමින් ඒ මතකය යළි යළත් සිහි කළේ හද කකියන වේදනාවකින් හා මිහිරියාවකිනි.

නැවුම් අරුණලු සමඟින් අලූත් දවසක උදාව පරිසරයේ සුන්දරත්වයද වැඩි දියුණු කර ඇති සේය. සරසවියේ පිපී හිනැහෙන ඇහැළ, මැයි මාර, දම් පාට මල් හා අනෙකුත් මල් අලූත් අවුරුදු අසිරිය කියා පෑවා මෙන්ම නිර්මාණිගේ සිතද නැවුම් හැඟුමින් ප‍්‍රබෝදමත් කරන්නට සමත් විය. නෙක වර්ණයෙන් පිපී හිනැහෙන අරලියා මල් පොකුරු පින්නෙන් පෙඟුණු තණ පඳුරු කවමදාවත් නැතිව අලූයමින් සරසවියට පැමිණි නිර්මාණිගේ නෙත් ගත්තාය.

‘‘ මට පොඩි වැඩක් තියෙනවා. ඔයාගෙන් උදව්වක්  ඕන. ’’ මිතුරෙක් ලෙසින් ඈ වෙත ළං වන බව පෙන් වූ ඔහු ඔහුගේ සිතේ පැවති මෙන්ම ඈ නොදන්නේ යැයි සිතා සිටි, එහෙත් ඈ දැන සිටි වෙනත් බැඳීමකට ඇරයුම් කරන්නට වූවේය.

අහෝ ....... ඔහු එය පැවසීමට එතරම් ඉක්මන් වේ යැයි නොසිතුනා ද නොවේ. එහෙත් පිළිගත නොහැකි ඇරයුමක් අබියස සුසුම් හෙලනු මිස ඈ අන් කවරක් නම් කරන්නද? පේ‍්‍රමය සිතට දැනෙන යුගයක එය පිළිගත නොහැකි බව පැවසීමට ඇයට අපහසු විය. ඔහු එය කෙලෙස පිළිගනීවිද යන සැකය ඇයට ඇති වූයේ නිතැකින්මය. යෞවනත්වය අබියස පේ‍්‍රමයේ නාමයෙන් ඉකිබිදින සරා සඳ සේ ඈ ඒ නෙතුවට වසන් වී පේ‍්‍රමය ලැබ නොගෙනම සමු දුන්නාය. එහෙත් ඒ හදවත තව තවත් නිර්මාණි වෙනුවෙන් බලා සිටින බව ඇය දැන උන්නාය. සිතට හදට දැනෙන කුලුදුල් සෙනෙහසක අරුමය අබියස ඈ තම සිත වසන් කර ගන්නට තැත් කළාය. එහෙත් ඔහු??? නිර්මාණි වෙනුවෙන් හටගත් සෙනෙහස ඔහු කියා පාන්නට වූයේ ඈ පැවසූ හේතු සාධක පිළිබඳව එතරම් තැකීමකට නොගෙනය.

‘‘ මට බෑ කාගෙවත් ජීවිතයක් අවධානමක දාන්න’’ නිර්මාණි දුලංජන දෙස බලාගෙනම පැවසුවාය.
‘‘ ඔයාගේ ප‍්‍රශ්නෙට පිළියමක් නැතිද? ’‘ සරසවි පුස්තකාලයේ දි සිය සෙනෙහස ගැන පැවසූ ඔහු නිර්මාණිගෙන් විමසා සිටියේ ඇගෙන් සුබවාදී පිළිතුරක් බලාපොරෙත්තුවෙනි.
‘‘ නෑ මේ ප‍්‍රශ්නෙට උත්තරයක් නෑ. ඔයා ළගත් ඒකට උත්තරයක් නෑ නේද? ’’ නිර්මාණිව සෘජුවම දුලංජනගෙන් විමසා සිටියාය.
‘‘  ඕනම ප‍්‍රශ්නයකට උත්තර තියෙනවා. මම  ඕවා විශ්වාස කරන් නෑ. ඔයා කැමති නම් ඒ ඇති ’’
‘‘ ඒත් මට කාගෙවත් ජීවිතයක් අවධානමක දාන්න බෑ ’’ නිර්මාණි කල්පනාබරව පැවසුවේ සිතේ ස`ගවා ගත් ශෝකයෙනි.

දුලංජන කිසිත් නොදොඩාම නිර්මාණි දෙස බලා උන්නාය. ඔහුගේ නෙත් පහස දරා ගත නොහැකිව නිර්මාණි සටහන ලියන්නට වෙර දැරුවාය. සිත නොසන්සුන්ය. ජිවිතයේ ප‍්‍රථම වරට දැණුනු පේ‍්‍රමයේ පහස තමා අහිමි කර ගන්නා බව දැන දැනම සිත සනසා ගන්නට වෙර දැරුවාය.

‘‘ කමක් නෑ. අපිට යාලුවෝ වගේ ඉන්න පුලුවන් වෙයි. ’’ බොහෝ වේලාවක් නිහඬව සිටි දුලංජන සෙමින් පැවසුවේය.

ඔහු කුමක් කෙසේ පැවසුවද නිර්මාණිගේ සිත කියාගත නොහැකි මනෝභාවයන්ගෙන් වෙළෙන්නට විය. ඔහුගේ මතකය තම සිත තුළ සුරැකිව පවතින බව ඈ දැන උන්නාය. දිනෙන් දින ඒ රුව තම නෙත් අබියසම රැුදෙන බවත්, ඒ මතකය තම හදවතට සමීප වන බවත්, දිනෙන් දින ඒ රුව තම නෙත් මානයෙන් දුරකට ඇදෙන බවත් ඈ බලා උන්නාය.

කවදාද ආයේ එන්නේ             -     හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ          -     දැකගන්න ඔබේ දසුන්

දුරකථනයට ලැබෙන කෙටි පණිවිඩ වලින් ඔහු ඔහුගේ සිත විවර කළේය. එහෙත් එය එලෙසම නොවන බව හැඟවීමට මිතුරියකට එවන සේ යමක් සටහන් කර එවීමට තරම් ඔහු පරිස්සම් වූවේය. ඔහු තමාගේ සිතට ඈ පිළිබඳව නොඅසනු වස් තහනම් වැටකඩොලු බඳින බවට පොරොන්දු වුවද එය එලෙසම සිදු නොවන බව දැක නිර්මාණී අසරණ වූවාය. ඇයට තම සිත සඟවා සිටින්නට ඉමහත් පරිශ‍්‍රයක් දරන්නට සිදු විය.    
සරසවිය සුන්දර කළ ඇහැළ මල් වියැකිලා. සරසවි මානවකයන් අතර ඔබේ මුව ගොලු වෙලා. දෛවයට අභියෝග කරන්න යැයි පැවසූ ඔහුගේ රුව සරසවියේ ඈ නෙත් නොගැටෙන්නට විය.
ආදරෙයි ඔබට මම දිවිය ඇති තුරාවට - හිමි නොමැති මුත්
ඔහු පිළිබඳ මතකය සිහි වී නිර්මාණිගේ නෙතේ කදුලු අලුත් වන්නට විය. සිතට දැනුණු කුලුදුල් සෙනෙහස අබියස ඉකිබිඳින යුවතිය....... සිතේ පැවති සෙනෙහස සඟවා ගෙන සමුදුන්නේ තමාම නොවේද? තමාගෙන් දුරස්ව මතකය අමතක කරන ලෙස පැවසූ ඈම වියැකුණු, අහිමි සෙනෙහස වෙනුවෙන් දුක්විදි. එහෙත් එදා ඈ සිත සතුටු කළ රුව අද වියැකී ගොස්ය. දෙනුවන් රවටනු සඳහාවත් ඒ රුව නෙත් අබියස නොරැුදී දුරකට ඇදී ගොස්ය. එහෙත් ඒ මතකය ජීවමානව ඇගේ හදේ ලැගුම්ගෙනය.
‘‘ නිර්මාණි, හොඳටම ? වෙලා ඇතුළට එන්න.’’ උමෝදා නැවතත් පැමිණ නිර්මාණි ඇමතුවාය. අඳුරේ බංකුව මත ඉඳගෙන කල්පනාවේ සිටින නිර්මාණි පිළිබඳව උමෝදාට ඇත්තේ දුකකි. නිදහසේ සිටි නිර්මාණිගේ සිත දුකින් පීඩාවට පත්ව ඇත.
‘‘ නිර්මා, ඒ දවස්වලම වෙන දෙයක් වෙද්දෙන් කියලා දුලංජනට කැමති වෙන්නනේ තිබුණේ ’’ උමෝදා යෙහෙළියගේ හිස පිරිමදිමින් පැවසුවාය.
‘‘ ඔහොම සරල විදියට මට හිතන්න බෑ. වචනෙන් නොකීවට එයා දැනන් හිටියා මම කැමති කියලා. ඒත් මට ඒ ළමයාගේ ජීවිතේ වටිනවා. කාලයත් එක්ක මට හිත හදා ගන්න පුලුවන් වෙයි උමෝ. මම එන්නම් ඔයා යන්න ඇතුළට ’’
අහසේ තරු රටා මත ජීවිතය, අනාගතය පදනම් වීම කොතෙක් දුරට සත්‍යය දැයි පිළිගැනීමට හෝ එය බැහැර කිරීමට නිර්මාණිගේ සිත් නොදුන්නේය. කාලය ගෙවී ගොස්ය. ඒ සරසවි ?නෙන් ඔහු පිටව ගොස්ය. එහෙත් නිර්මාණිගේ හදවත ඔහුගේ මතකයත් සමඟය. ඒ අතීතය දෙනෙතින් කඳුලක්ව ගලා බසී.
මා නෙත් ඔබ නෙත් අබියස නතර වූවා නොව, ඔබ මා වෙත පැමිණුනේය. දෙනෝදහක් ගැවසීගත් සරසවි බිමේදී ඔබගේ නෙත් මා අබියස නතර වූයේ කිමද? ඔබ නොමැති බව දැන දැනම අදද මා නෙත් ඔබ රුව සොයා ගමන් කරයි......... නිර්මාණී සිතන්නට වූවාය.
අලංකාරව එළිය දුන් සඳ වළාවෙන් වැසී යන්නට විය. ආලෝකය ලබා දුන් විදුලි බුබුල එක්වරම පුපුරා ගියේය.
‘‘ උමෝ, එළියේ බල්බ් එක පිච්චුනා. ’’ නිර්මාණි සන්තාපයෙන් කාමරයට පැමිණ පැවසුවාය. කිසිවක්ම නොපැවසූ උමෝදා සිය ජංගම දුරකථනය නිර්මාණි අත තැබුවේ කිසිවක් නොපවසමිණි.
‘‘ ඇයි ? ’’ කිසිවක් වටහා ගත නොහැකිව නිර්මාණි යෙහෙළිය දෙස බැලූවාය.
‘‘ මැසේජ් එකක් ’’ උමෝදා හැඟීම් විරහිතව පැවසුවාය. යෙහෙළියගේ වෙනස නිර්මාණිය වටහා ගත නොහැකි විය.
‘‘ කාගෙන්ද? මොකකටද? මට තේරෙන් නෑ ’’
‘‘  ඕක බලන්නකෝ නිර්මා, එතකොට ඔයාට තේරෙයි ’’
නිර්මාණි, තව දුරටත් ඔයා මට යාලුවෙක් විතරයි. මම ගැන  බලන්න එපා. කවුරුවත් මම ගැන හොයනවාට මම කැමති නෑ - දුලංජන
දුලංජන නිර්මාණිට සමු දී අවසන්ය. නෙතට කඳුලක් තවත් නම් කුමටද? සඳ තනිකර දමා තරුව දුර ඈතකට ඇදී ගොස් ඇති බව නිර්මාණි දුටුවේ සත්‍ය පසක් කර දෙන්නටය. නිර්මාණි ඇදට වී දෙනෙත් පියා ගත්තාය. ලෝකයම තමා අතැර ගොස් ඇති බව ඇයට දැනෙන්නට විය. එක්වරම දෙනෙත් විවර කළ නිර්මාණි ඇදෙන් නැගී සිටියාය. උමෝදාට කිසිවක්ම වටහා ගත නොහැකි විය.
‘‘ නිර්මා...... ’’
‘‘ උමෝ මම ජීවිතේට මුහුණ දෙන්න  ඕන. දුලංජන ආවා වගේම ගියා. මම මගේ අම්මා තාත්තාගේ බලාපොරොත්තු ඉටු කරන්න  ඕන ’’ හඬමින්ම නිර්මාණි සටහන් පොතක් දිග ඇර ගත්තාය. පොතේ අකුරු බොඳ කරමින් ඇගේ නෙතින් කදුලු ගලනා බව ඇයට පිටුපා සිටි උමෝදා නොදැක්කාය. දුලංජනට නොදැනුණේය. 


                                                                                                                මිථිලා හේමචන්ද්‍ර

Saturday, November 15, 2014


                                                            


                                                                  (අ)හිමි සෙනෙහස
තනි තරුවක් අහස් ගැබට වී එළිය විහිදුවද්දී පරිවාර තරු රෑන බලා සිටින්නට විය. සඳ මෝදුවෙමින් පැවති අතර ජනෙල් කවුලු අතරින් ගෙබිම සිප ගන්නා සඳ එළිය දුටු විහාරාට ඇද මතට වී සිටින්නට තරම් සිත අවනත කර ගත නොහැකි විය. විවෘත වූ කවුඑවෙන් ආ සේපාලිකා මල් සුවඳ මුසු වූ මද නළ කාමරයේ මේසය මත තිබූ කඩදාසි කීපයක් විසිරුවා හැරියේය. සුපුරුදු ලෙසම මල් සුවඳත් සමඟම දැනෙන හඳුන් කූරු සුවඳ සමාන සුවඳකොහෙන් එන්නේ දැයි විහාරා ජනෙල් තිරය ඉවත් කර බලා උන්නේ වෙනදා පුරුද්දට මෙනි.
ඇත්තටම මේ සුවඳ මොකක්ද? බහතෝරනවියේ සිටන් සඳ පායා ඇති දිනවල තමාට දැනෙන ඒ සුවඳ කුමක්ද යන්න විහාරාට ගැටඑවක් විය. විහාරා වඩාත් එබිකම්කරමින් සුවඳ එන දිශාවට බෙල්ල දිගු කළාය.
‘‘ලොක්කි, මොකද බෙල්ල දික්කරගෙන? හෙට මොකක්ද වැඩක් බලන්න යන්න තියෙනවා කීවනේ. දැන් දෙගොඩහරියත් පහුවෙන්න ආවා. නිදා ගනින්. මම පාන්දරට කථාකරන්නම්.’’
මවගේ වදනට අවනතව විහාරා තනිතරුව දෙස නෙත් යොමා ඇඳෙහි වකුටු ගැසුණාය. සතියකට පමණ පෙර දී උසස් පෙළ විභාගය අවසන්වුවද පරත් තිඵල එන තුරු නිවසට වී සිටින්නට තරම් විහාරාට සිත් නොදුන්නාය. ඒ තම මව වසර 20ක් පුරාවට තමා දැඩිකරන්නට ගත් වෙහෙස හොඳාකාරව දැන සිටි හෙයිනි.කැදවුම් ලිපි නිවසටම ලැබී තිබිණ. විහාරාට එය පුදුමයක් වුවද තම ජීවිතයේ සිදු වූ පළමු පුදුම සහගත කරුණ එය නොවූ නිසා ඇය ඒ පිළිබඳව සොයන්නට වෙහෙස නොවූවාය. මවගෙන් විමසුවද පිළිතුරක් නොලැබෙන බව විහාරා හොදාකාරව දැන උන්නාය. කල්පනාබරව සිටි විහාරාගේ දෙනෙත් අඩවන් විය.
‘‘මගේ කෙල්ලට දෙයියන්ගේ පිහිටයි. පරිස්සමින් පුතේ. ? බෝ වෙන්න කලියෙන් එන්න බලාපං’’ මව විහාරාගේ හිස අත ගෑවාය.
නගරයේ ආයතනයක ගිණුම් කටයුතු සම්බන්ධව රැකියාවක් ඇයට හිමි විය. කෙසේ හෝ කවුරුන් හෝ තමා වෙනුවෙන් සියල්ල සූදානම් කරන බව විහාරා දැන සිටියේ බොහෝ කල් සිටය. සේවා ස්ථානයේ වරදක් නොවූ අතර ? බෝවන්නට පර්ා ථම නිවසට සේන්දු වීමේ හැකියාව පැවතුණි.
බස් රථයෙන් බැස නිවෙස දක්වා දිවෙන මාර්ගයේ විහාරා ගමන් කරන්නට වූවාය. සෑම තැනකම නිවාස පිහිටා නොමැති මාර්ගය දෙපස වූ ගස්වල සෙවනැලි මද අදුරක් එකතු කරන්නට සමත්ව ඇත. සවස් වී තනිව එන විහාරාට බියක් නොදැනුණාය. විහාරා සමඟම මෙන් අවුරුදු 50 කට පමණ ආසන්න පුද්ගලයෙක් හා තරුණ පිරිමි ළමයෙක් ගමන් කළහ. විහාරා ඇගේ කල්පනාවක ගමන් කරන්නට වූ අතර සුපුරුදු සුව`දක් නැහැයට දැනෙන්නට විය.
‘‘ඉතින් පුතේ කොහොම`ද රස්සාව හොඳ යැ? ’’ අම්මා බෙදා දුන් බත් පත කා කෙටි බිත්තිය මතට වී හිද හුන් විහාරා අසලටම පැමිණ මව විමසුවාය.
‘‘වරදක් නෑ අම්මා. කෝ ඉතින් අම්මා කියනවායැ රස්සාව මට කවුද හොයලා දුන්නේ කියලවත්. ’’ නෝක්කඩු මුහුණින් විහාරා පැවසුවාය.
‘‘ඒක නෙමෙයි ලොක්කියේ, නංගිට පාඩම් වගයක් අහගන්න තියෙනවා කීවා. පොඞ්ඩක් ගිහින් බැලූවා නම්. ’’ අම්මා විහාරගේ පැනයට පිළිතුරු නොදීම මග හැර සිටියාය.
අම්මා තමාගෙන් බොහෝ දේ වසන් කරන්නට වෙර දරන බව විහාරා දැන උන්නද විටෙක ඇගේ සිතට දැඩි පීඩනයක් එකතු කරන්නට සමත් විය. කෙටි බිත්තිය මතට වී අහස දෙසට නෙත් යොමු කළ විහාරාට පෙර පරිදිම තනිතරුව අහසේ බබලනු දිස් විය. සුපුරුදු සුව`ද නැහැයට දැනෙන්නේ දැයි විමසිලිමත් වූවාය. ස‍ඳේ එළිය සේපාලිකා ගහට වැටී සුදු පැහැති මල් අලංකාරව දිස්විය. එකවරම හමා ආ සුළඟ විහාරාගේ කෙහෙරැලි විසිරුවා හරින ලදි.
‘‘ අම්මේ, අදත් අර මනුස්සයයි එයාගේ පුතා වගේ කෙනයි මම එන වෙලාවටම ආවා. ඒත් එයාලා මම එන බස් එකේ එන්නෙත් නෑ. කවුද කියන්න දන්නෙත් නෑ. ’’ සැමදා මෙන්ම විහාරා එදිනද සවසට තමා සම`ගම පාහේ එන පුද්ගලයා හා තරුණයා පිළිබ`දව මවට පැවසුවාය. එහෙත් ඇය නිහ`ඩය.
‘‘අම්මා ඇයි කතා නැත්තේ? අම්මා දන්නවානේ ඒ කවුද කියලා. ’’ විහාරා මවගේ උරහිසින් අල්ලා සෙලෙව්වාය. කල්පනාවක සිටි අම්මා ගැස්සී විහාරා දෙස බැලූවාය.
‘‘මොකක්ද දරුවෝ? ’’
‘‘අම්මේ අර අත්භූත මනුස්සයයි පිරිමි ළමයයි ගැන ඇහුවේ. අම්මා දන්නවා නේද එයාලා ගැන. මට කියන්න. ’’ විහාරා මවගේ දෑසට එබුණාය.
‘‘මම දන්නේ කොහොමද දරුවෝ. ඔය වැඩ ඇරෙන වෙලාවනේ. ඒ මිනිස්සුත් රස්සාවට ගිහින් ගෙදර යන අය වෙන්න ඇති. තනියම එන උඹටත් ඉතින් හො`දයිනේ ඒ මිනිස්සු දෙන්නත් එන එක. ’’ අම්මා ඉවත බලාගෙන පවසා බිත්ති කණ්ඩියෙන් නැගිට ගෙතුළට ගියාය.
අම්මා හරියට අමුතුවෙලා. මම මොකක් හරි ඇහුවොත් ඔහොම්මමනේ. හැමදාම ම`ග අරිනවා. විහාරා සිතන්නට වූවාය. සුපුරුදු ලෙසම කාලය ගෙවෙමින් පැවතුණි. දින සති මාස ගෙවෙන්නට වුවද විහාරාට ඇගේ මවගේ වෙනස්කම ඇරුණු විට අනෙක් කිසිවක් අරුමයක් නොවුණි. රැකියා කටයුතු සාමාන්යෙ ලෙස සිදුවෙද්දී දිනක් විහාරාගේ ජීවිතයට අරුමය කැන්දන ලකුණු රැගෙන එන්නට විය.
‘‘ මිස් විහාරා, ඔයාට පාර්සලයක් තියේ... ’’ පිළිගැනීමේ නිළධාරිනිය උදෑසන කුඩා පාර්සලයක් විහාරා අත තැබුවාය.
‘‘ මට? කවුද ගෙනත් දුන්නේ? ’’ විහාරා විශ්මයට පත්වූවාය.
‘‘ තරුණ පිරිමි ළමයෙක්. නම කීවේ නෑ. මිස් අදුනනවා කියලා කිවා? ’’
‘‘හ්ම්..... එහෙනම් අදුනන කෙනෙක් වෙන්න ඇති. ’’ විහාරා පාර්සලය අතට ගෙන ඒ මේ අත කරකවා බැලූවේ දෙගිඩියාවෙනි.
කවුද මේ.... ඇයි මෙහෙම මට උදව් කරන්නේ? මොකක් නිසාද? විහාරා තම සිතින් විමසූවද සුපුරුදු ලෙස සිතින් එයට පිළිතුරක් නොලැබුණි. කවුරු කුමන අරමුණකින් තමාට එවූ පාර්සලයක් වුවද විහාරා නිවසට යන තුරු එය කුමක්දැයි බැලීම අතපසුකරමින් උන්නාය.
අඳුරත් සමඟ නිවසට පැමිණි විහාරා ඇගපත දොවා ගත්තේ නොසන්සුන් හැඟීමෙනි. ඕනවට එපාවට මෙන් බත්පත කිස අවසන් කරන දියණිය දෙස අම්මා බලා උන්නේ කුමක් වන්නේ දැයි කිසිවක් වටහා ගත නොහැකිවය. කිසිවක් නොවිමසන්නට මව පරෙස්සම් වූ සැටිය.
සුපුරුදු ලෙසම විහාරා නිදහසේ සිටින්නට පරිර ය කළ බිත්ති කණ්ඩිය මත ඉඳ ගත්තේ මෙතෙක් වේලා විවෘත නොකළ කුඩා පාර්සලයද රැුගෙනය. සෙමෙන් විවෘත කළ පාර්සලයේ කුඩා සුභපැතුම් පතක් තිබූ අතර එය විහාරාගේ සිත තවත් කැළඹීමට පත් කළේය. උසස් පෙළ පරාය තිඵල නිකුත් වූ බව දැන උන්නද විහාරාට තමන්ගේ පරගේ තිඵල බලා ගැනීමේ අවකාශය හිමි නොවුණි. එහෙත් උසස් පෙළ විශිෂ්ඨව සමත් ඔබට යැයි ස`දහන් කර එවූ සුභ පැතුම්පත විහාරාගේ සිත සතුටු කරනු වෙනුවට කුහුලින් පුරවන්නට විය. කුඩා බදුන විවෘත කර බැලූ විහාරාට අදහා ගත නොහැකි විය. රන් දම් වැළක් හා අලංකාර මාල පෙත්තක් බහාලූමේ සුරක්ෂිනතව තැන්පත්ව ලාම්පු එළියෙන් හිනැහෙන්නට විය.
‘‘ අම්මා........... ’’ විහාරා හඬ ගෑවාය.
‘‘ මොකද ළමයෝ? ’’ දියණියගේ හැසිරිම් රටාව දෙස විමසිලිමත්ව සිටි අම්මා කිසියම් මොහොතක යමක් සිදුවන බව දැන උන්නාය. විමතියෙන් අතරැදි යමක් දෙස තම දියණිය බලා සිටින බව මව දුටුවාය.
‘‘මොකද දරුවෝ, මොකක්ද ඔය අතේ තියෙන්නේ? ’’ මව විහාරා වෙත ළං වූවාය. කිසිත් නොකී විහාරා තම අත වූ බ`දුන මවට වෙත දිගුකළාය.
‘‘මොකක්ද මේ? ’’ මව දියණියගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඇය දෙස බලා උන්නේ තමා වෙත ලබා දුන් පාර්සලය වෙත බැල්මකුදු නොහෙලමිණි.
‘‘ අම්මා, අද කවුද ඔය මාලේ වැඩපොළෙන් ගෙනත් තියලා මට දෙන්න කියලා. කවුද කියලා කියලත් නෑ. පිරිමි ළමයෙක් ගෙනත් දීලා තියෙන්නේ. වෙන මුකුත්ම දන් නෑ මම. විභාගේ පාස් වුණාට සුභ පතලා. ඒත් මම තවම මගේ පරර් තිඵල දන්නෙත් නෑ. මොකක්ද මේකේ තේරුම? ’’ විහාරා සියල්ලටම තම මවගෙන් පිළිතුරු බලාපොරොත්තු වූවාය.
‘‘ කවුද ඉතින් දරුවෝ ඕවා දන්නේ.....? ’’ මව අසරණ වූවාය. ඇය තම දියණිය තමා අතට පත් කළ දේ ලාම්පු එළියට ළං කර බැලූවාය. ගැහෙන අතැගිලි වලින් ගිලිහී යන මාලය පොළොව සිපගද්දී මවගේ නෙතගින් කදුඵ බිඳු කීපයක් ගලා හැලූණු බව විහාරා නොදැක්කේ තනි තරුව දෙස නෙත් යොමා සිටි නිසාය.
‘‘ අම්මා ඇයි මේ? ’’ එකවරම බිත්ති කණ්ඩියෙන් නැගිට නිවස තුළට ගමන් ගන්නා මවගෙන් විමසුවද විහාරාට පිළිතුරක් ලබා දෙන්නටවත් ඈ පර්ද මාද නොවූවාය. විශ්මයෙන් බලා සිටි විහාරා මව සිටි තැන බිම වැටී තිබු මාලට අතට ගෙන සුරැුකිව බ`දුනේ තැන්පත් කළාය.
අනේ මන්දා. මේකේ තේරුම මොකක්ද? අම්මා මගෙන් මොනවා හංගන්න හදනවාද මන්දා..... විහාරා සිතන්නට වූවාය. සැමදා මෙන්ම එදිනද පිළිතුරක් සොයා ගන්නට ඇය අසමත් වූවාය.
විභාගයෙන් උසස් ලෙස සමත්ව සිටි විහාරා රැුකියාවෙන් ඉවත්වන්නට නොසිතුවාය. දින කීපයක් සුපුරුදු ලෙසම ගෙවීයන්නට විය. තමා නිවසට පැමිණෙන විට තමා සම`ග පැමිණි මිනිසුන් දෙදෙනාගේ හදිසි නොපැමිණීම ඇගේ සිත දැඩි ලෙස ව්යා කූලත්වයට පත් කිරිමට සමත් විය. ඇය නොදැනමුත් ඔවුන් දෙදෙනාගේ පැමිණිම සැමදා අපේක්ෂාන කර ඇති සැටියකි. එනිසාම ඔවුන්ගේ නොපැමිණීම සිත වටහා ගත නොහැකි දුකකින් පුරවන්නට සමත්ව ඇත.
‘‘ අම්මා, අදත් අර පිරිමි ළමයයි මාමායි දෙන්නම ආවේ නෑනේ. අසනීපයක්වත්ද දන්නෙ නෑනේ.’’ විහාරා දින කීපයක්ම සවස නිවසට පැමිණ මවට පැවසුවාය. ඇය එය පවසනවිට මව සුසුම් වැල් පා කර හැරියාය. එහෙත් විහාරාට කිසිවක් නොපැවසුවාය.
පෙර ලෙසම ඒ රාතරිාටවයේද තනි තරුව අහසේ බබලයි. මෝරා එන ස`ද ප`ඵව ගෙතුලට එළිය ගෙන එයි. සේපාලිකා මල් සුව`දත් සම`ග සුළ`ග හමා ආ අතර පෙරදි දැනුණු හදුනා ගත නොහැකි සුව`ද පෙර ලෙසම දැනෙන්නට විය. එක්වරම හමා ආ සුළ`ග මේසය මත වූ යමක් බිම ඇද දැමුවේය. විහාරා ජනේලය අසලින් මෑත්ව බිම අත ගා වැටුණු දේ අහුලා ගත්තාය. මාලය සහිත බදුන බිම වැටී තිබු අතර එය මේසය මතින් තබන්නට සැරසුණු විහාරා එහි ඇතු`ඵ පැත්තට වන්නට යමක් ලියා ඇති බව දුටුවේ අහම්බෙනි.
කමලනීට ආදරෙන් අබේගෙන්........
දෙයියනේ අම්මගෙයි තාත්තාගෙයි නම් දෙක. කවුද මේක මට එව්වේ? විහාරාට කිසිවක් සිතා ගත නොහැකි විය.
‘‘ අම්මා .......... ’’ විහාරාට තව දුරටත් සිතේ සියල්ල සිරකර තබා ගන්නට නොහැකි විය. දියණියගේ හ`ඩින් මව කාමරයට පිවිසියේ සිතේ පැවති දෙගිඩියාවෙනි. විහාරා අතරැදි ආභරණ පෙට්ටිය දුටු කමලනී තිගැස්සී ගියාය.
‘‘ අම්මා මට ඇත්ත කියන්න. මොකක්ද මේකේ තේරුම? තාත්තා අම්මාට දීපු මේ මාලේ මට දුන්නේ කවුද? අම්මා අද මට සේරම කියන්න මට තවත් මේවා ගැන හිත හිත විදවන්න බෑ’’ විහාරා මවගේ උරහිසින් සොලවා විමසුවේ සැලෙන හ`ඩිනි.
මව ඇද මතට වැටුණේ අඬාගෙනය. ඈ හැඬුවාය. එහෙත් පිළිතුරක් නොදුන්නාය. බොහෝ වේලාවකට පසු ඇගේ හ`ඩ අවදිවන තුරු විහාරා නිසොල්මනේ බලා උන්නාය.
‘‘ පුතේ, උඹේ තාත්තාට මාව දික්කසාද කරන්න වුණා. ගෙදර ඈයෝ අපේ දීගෙට මනාප වුණේ නෑ. අබේ කසාද බැදපු ළමයෙක් හිටපු ගෑණු මනුස්සයෙක්ව බැ`ද ගත්තා. හැමදාම හැන්දෑවට උඹත් එක්කම ආවේ ඒ දෙන්නා. අබේ අපිව දාලා ගියත් හැමදේම ගැන හොයලා බැලූවා. උඹට රස්සාවක් හොයලා දුන්නා. ආරක්ෂානවට උඹ ළ`ගින්ම හිටියා. එච්චරයි මට කියන්න පුඑවන්.’’ අම්මා ඉකිබිදුම අතරින් පැවසුවාය.
‘‘ එතකොට කෝ දැන් තාත්තා ..........? ’’ විහාරා නෙතට නැඟි කදුඵ නිදහසේ යන්නට ඉඩ හරිමින් විමසුවාය.
එක්වරම කඵ වළාවකින් සඳ වසා දැමුවේය. එහෙත් තනි තරුව අහසේ බබලයි. සඳ එළියක සේයාවක්වත් කාමරයට නොවැටුණි. විහාරා හඬා වැටුණාය.තමා නොදත් රහසක තවත් බොහෝ දේ සැඟව ඇති ඈ දැන උන්නාය. රාත්‍රියේ තමාට දැනෙන ඒ අමුතු සුවඳ ‍මොකක්ද? විහාරාගේ සිත දුකකින්, දෙගිඩියාවෙන් පෙළන්නට විය. මේ කඳුඵ කා වෙනුවෙන් ද?

                                                                                    ******** මිථිලා හේමචන්ද්‍ර ************

Sunday, November 2, 2014


නිශා කඳුලැලි

උරුමයක් නැතැයි කී නිශා ගැබ සඳ තනිවුණා

දුක් කඳුලු වෑහුනත් ඔබට එය නොපෙනුනා........
තනි තරුව තනි රැක්ක සඳවතිය ඉකි ගසා
වර්ෂාව ඉගිලුණා අහස් ගැබ ඉරි තලා..........

සඳ කොහෙද තනි තරුව මං සොයනු බැරි නිසා
ගණ අදුරේ ඔබ සොයා දිව එන්න සිත් වුණා
සඳවතිය නුඹ කොහෙද මගේ සිත විමසුවා
දුක් කඳුලු කැට අතරේ නුඹ කොහේ සැඟවිලා...........

ඉකිබිඳුම නොඇසෙන්න සුළං රොද දඟකළා
වළාරොඳ තනිතරුව නොපෙනෙන්න සඟවලා
නුබ ගැබේ සැගවිලා......................
දුර ඇඳුණු පෙම් සිහින අනෙකෙකු‍ට ළංවෙලා..........


                                              ම්ථිලා හේමචන්ද්‍ර
   

Tuesday, March 4, 2014



ljqrekao kqU

issysk  úufka iers ird
oE; os.= lr yskeyqKd
u,a udjf;a bula fidhkg
j<d frdolg <x jqKd ''''''''''''''
isysk wdldifha
;re w;r Th rej fidhd
i`o idúf.a isysk wrfKa
Tfí rej oel yskeyqKd ''''''''''''''''