නෙතට නෙත
එබිකම් කරා
කඳුළැලි
පෙරීගෙන ඇවිත් නෙත් අග්ගිස්සෙන් එබිකම් කරන්න ගත්තා. මම මගේ නෙවෙයි වගේ හිස්
අවකාශයේ දිහා බලාගෙන උන්නා. හෙමීට හිල්ලෙන හිත පැත්තකින් තියලා හිනාවෙන්න
හොඳවිදියක් ගැන හිතන්න ගත්තා. ඒත් හිනාවක සේයාවක්වත් හොයාගන්න අමාරුයි කියලා දැන්
දැන් මග් හිත තේරුම් ගන්න උත්සාහ ගන්නවා. ඇත්තටම හැමෝම වගේ මාත් දෛවයට දොස් කියන්න
ඕනද? නැත්නම් මේ හැමදෙයක්ම මගේ වරදක් නිසා හෝ වැරදි තේරීමක් නිසා සිදු වුණාද
කියන්න තරම් මට කිසිම තේරුම් ගන්න අමාරුයි.
No comments:
Post a Comment