මල් මිටක් වී..................
ප්‍රේමය ඕනෑම අයෙක්ට ඕනෑම ලෙස දැනෙනු ඇත. එම
දැනීම වදනකට පෙරලා එය මෙසේ යැයි තම සහකරුට සහකාරියට පැවසිය නොහැකි වුවද දිනෙන් දින
අලුත්වන සෙනෙහස අබියස සිත තමා සමඟම දොඩමළුවනු ඇත. මලක් යනු නවමු බලාපොරොත්තුවකි.
සෑමදිනෙකම අලුත්ම පැතුමක් ලෙස ඔබේ හදවත රැදෙන්නට අවසර ඉල්ලමි. මෙය ඉටුකරගත හැකි
යැයි සිතන සිහින වසන්තයකි. වසන්තය යනු සුන්දර කාලයයි. ජීවිතයේ යොවුන් කාලයේ හිමි
වූ නුඹ අමෘතය මෙන් මා ජීවිතය අලුත් කරයි. මේ ප්‍රේමය සැබවින්ම මගේ සිත තුළ ඇති
වූවකි.
දෙවොන්දරෝ සං නොරිකෝ සංගේ ප්‍රේමයයි. එහෙත්
ඉටු නොවූ පැතුමක කඳුළු හිමිකාරිය ඇයයි.
සකුරාවේ උපන් ඇය මෙන් මාද ප්‍රේමයට හිමිකම් කියයි. එහෙත් ඇයට මෙන් මට ද ප්‍රේමයේ
පරාජිතතයෙක් විය නොහැක. එසේ සිතද්දී කඳුළින් දෙනෙත් තෙත් වෙයි. මේ ප්‍රේමය මා
සදාකාලිකවම හිමිකර ගැනීමට සැරසෙන සෙනෙහසයි.
සද රෑ අහස එළිය කරන්නා සේ ඔබේ ලෝකයට ආලෝකය
වෙන්නට අවසර ඉල්ලමි. ඔබ මගේ ලෝකයේ තනිතරුව වී මගේ තනි නොතනියට සැමදා ළඟින් ඉන්න.
මගේ සිහිනය එපමණයි. මෙය මා සැමදා පැතූ එකම සෙනෙහසයි. ඔබ පවසන අන්දමට ඔබේ ප්‍රේමය ද
මමයි. සැමදාමත් නැවුම් කුසුමක්ම මා ඔබ අසල රැදෙන්නම්.....
මල් මිටක් වී ඔබෙ හද අරණේ
පිපෙන්නට මට අවසරයි
අමා දිය සේ සිහින වසන්තෙට
පිවිසෙන්න මට අවසරයි
මේ ප්‍රේමයයි............
මගෙ හදේ ඉපදුණු සෙනෙහසයි
මා ද සකුරා මල නුඹේ
සීත නිම්නයේ පිපී හිනැහුණු
නෙත රිදී කදුළැලි පිරෙයි
නොරිකෝ වෙන්නට බෑ කියයි
සිත බෑ කියයි
මේ ප්‍රේමයයි...
මා සෙවූ සදාකාලික සෙනෙහසයි
මල් මිටක් වී...............
සඳවතිය සේ ඔබේ ලෝකයේ
එළිය දෙන්නට අවසරයි
මගේ ලෝකයේ තනිතරුව සේ
ළඟින් ඉන්නට අවසරයි
මා මැවූ සිහිනය එයයි....
මා ඔබෙයි... ඔබේ ප්‍රේමයයි
සදාකාලික සෙනෙහසයි
මා පැතූ සෙනෙහසයි
මල් මිටක් වී..................
** මිථිලා හේමචන්ද්‍ර **