**** අතරමංවීම ****
zzමංමුලා වී පාර අසාගෙන - හසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනලියකගෙනි - පාර අසා තිබුණේ”
හිරුකිරණක සේයාවක්වත් නොදුටුව මහපොළොව තෙත බරිත වෙලා. විටින්විට ඇද හැලෙන වර්ෂාව තද වැස්සකට පෙරළිලා නැවතත් පින්නෙන් පින්න වැටෙන්න ගත්තා. ඒත් දිගටම වහින වැස්ස අතරේ සිතේ තෙරපිලා ගොඩගැහිලා තියෙව වේදනාව ක`දුළක් වෙලාවත් මගේ නෙත් කෙවෙනි මායිමෙන් දෙකම්මුල් සිප නොගන්නේ ඇයි කියලා මටම තේරෙන් නෑ. අරලියා මල් ගහේ කොළ මතට වැටෙන වැහි බිංදු හෙමින් හෙමින් බිංදුවෙන් බිංදුව කොළේ අග්ගිස්සට රූටාගෙන ඇවිත් පොළොවට ඇදගෙන වැටෙනවා. කුඩයක් අරගෙන කාමරෙන් එළියට ඇවිත් හැමතැනම ඇවිදින්න ආශාව පුංචි කාලේ තිබුණත් දැන් ඒ සැහැල්ලූව සිතේ කොණකවත් සැ`ගවිලා තියෙනවා ද කියලා මට හොයාගන්න පු`ඵවන් වුණේ නෑ. මම හොයන්න උත්සාහ කළෙත් නැහැ. සිතේ කොනක මතුවිලා බො`දවෙලා යන මිනිස් රූප මගේ හිතේ නිදහස නැතිකරලා දාලා ආයෙ ආයෙ ජීවිතේ ගැන හිතන්න කියනවා.
‘අප හමු වූවත් නොවුණත් කාලය ගත වී යනවා.
. . .’’යන කතාව ඇත්තක් කියන එක මගේ හිත විශ්වාස කරන්න අරගෙන.
”උඹ මොනවා කීවත්, මා ගැන නොහිතුවත්, මම උඹට ආදරෙයි.’’ හිතේ තියෙන ආදරේ දරාගන්න බැරිව මිතුරා දවසක් එහෙම කීවා. දවසක්ද දෙකක් ද. නැහැ කීප වතාවක්ම ඔහු එහෙම කිව්වා.
මගේ හිතද කෑගහන්නේ. නැත්නම් මිතුරා මට ද මම මිතුරාටද ඔහු මට ද එහෙම කියන්නේ කීවේ කියලා මටම හිතා ගන්න බැරිවුණා.
දෙතැනක අතරමං වුණු හිතක් විදියට කාගේ සෙනෙහසේ ගීතිකාවද ඇහෙන්නේ කියලා මට හිතා ගන්න බැරිව මම අතීතයටත් අතීතයෙන් වර්තමානයටත් විටින්විට දෝලනය වෙන්න ගත්තා.
මිනිස්සු තමන්ගේ ජීවිතේ හැමදෙයක්ම දිනපොතක සටහන් කළත් මගේ ජීවිතේ මතක පොතේ පිටුවල ලියැවිලා තියෙන මතකයන්,
සිතුවිලි කවදාවත් පත්ඉරුමත සො`දුරු ගීතයක් වෙලා ලියන්න අමාරුයි. කොළඹ ද ගමේද කියලා වෙනසක් නැතිව ඇදගෙන වැටෙන වර්ෂාව දිහා බලාගෙන ඉද්දි මතක පොතේ පිටු එකින් එක පෙරළන්න ගත්තා.
දවසකට දෙකකට පෙර ඉ`දන් මගේ හිත රිදෙන්න අරගෙන. සිතේ තියාගෙන ආසාවෙන් මතක් කර කර ඉන්න පු`ඵවන් සුන්දරම සුන්දර අතීතෙකුයි, සුන්දරම සුන්දර වර්තමානෙකුයි තිබුණා වගේම තියෙනවා. ඒත් ඒක සුන්දරත්වය ද නැත්නම් වේදනාවේ සුන්දරත්වය ද කියලා මට හිතාගන්න බැරි තරමටම හිත අතරමං වෙන්න අරගෙන.
මම ගැන නොහිතුවත් උඹට ආදරෙයි කියන්න තරම් තරුණ පිරිමි හිතකට පු`ඵවන්ද කියලා මම දැනගෙන හිටියේ නෑ. ඒත් මම වෙනුවෙන් බලාගෙන උන්නු, තවමත් බලාගෙන ඉන්න තරමට මගේ කියලා ඔහු මොන විශේෂත්වයක් දැක්කද කියලා මටම හිතාගන්න බැරිවුණා.
සමනල සංධ්වනිය සිනමා සිත්තමේ වගේ, මට මගේම නොවුණු මගේම ආදරයක් තිබුණා කියලා බයක් නැතිව පු`ඵවන්කමක් තියෙනවා. ආඩම්බරේකට නොවුණත් ඒ අතීතේ අමතක කරන්න බැරි තරමට මගේ හිත ඔත්පල වෙලා. පිරිමි හදවත් මගේ නෙත් අද්දරට ඇවිත් කු`ඵදුලේම පුද දීපු ආදරේ අමතක කරන එක කවමදාවත් ලේසි වුණේ නෑ. හු`ගක් කාලෙකින් මම ආදරේ කරපු ඒ කටහ`ඩ දුර ඈතක ඉදන් මට අහන්න ලැබුණා. අමතක නොවුණු අතීතේ ආයෙමත් මගේ හිත අද්දරට ඇවිත් හිත පාරවන්නේ කාගේ වරදක් නිසාද කියලා මට හිතා ගන්න බැරිවුණා.
”ඔයා හරි තීරණයක් ගන්න දෙන්න ගැනම හිතලා. දෙන්නාගෙම කාලේ නාස්ති වෙන එකයි වෙන්නේ. එයාට හිත හදාගෙන වෙන කෙනෙක් ගැන හිතන්න හරි කාලේ තියෙන්න ඕන. වර්තමානේ දුකක් වුණත් අනාගතේ ගැන හිතන්න. මම එහෙමයි හිතුවේ.’’
ඔහු කියාගෙන ගියා. මට ආදරෙයි කියලා,
ටික කාලෙකින් ඒ ආදරේ අමතක කරලා දාලා මාව තනිකරලා ගිය ඒ යෞවනයාම අද මගේ ජීවිතේ ගැන උපදෙස් දෙනවා. ඔහු හො`දටම දැනගෙන උන්නු ඔහුගේ මිතුරෙක් මගේ ජීවිතේට ගොඩවැ`දුණේ ඔහු මගේ හිතට තට්ටු තරන්න ගත්ත මුල් දවස්වල ඉ`දලම. ඔහුගේ මිතුරා මගේ මිත්‍රයෙක් විදියට හිතලා ඔහුගේ ප්‍රශ්නවලට උදව් කළත් මොකක්දෝ හේතුවක් නිසා මිතුරා මම ගැන බලාපොරොත්තු ඇතිකර ගනී කියලා ලොකු බයක් හිතේ උපදින්න ගත්තා. ඔහු මම වෙනුවෙන් බලාගෙන ඉන්නවා කියලා මිතුරට කියන්න මමවත් ඔහුවත් සූදානමක් නොවුණේ, අපි දෙන්නා ජීවිතේ ගැන නිවැරදිම තීරණේක ඒ වෙනකොටත් නොසිටි හින්දා. මිතුරා නොසිතූ මොහොතක තමන්ගේ හිතේ තියෙන සෙනෙහස ගැන කීවත් මට එය පිළිගන්න පු`ඵවන්කමක් නෑ කියලා මිතුරා නොදැන උන්නත් දවසක මිතුරාට ඒ හැමදෙයක්ම අපි දෙන්නාම කීවා.
මිතුරාව ප්රතික්ෂෙප කළත් මගේ හිතට කු`ඵදුලේම ඉ`ගිකරපු ඔහුව අමතක කරන්න වසරක් ගත වෙළත් මට පු`ඵවන් වුණේ නැහැ. ඔහු ආයෙමත් මගේ ලෝකෙට ස`ද සේ පායා ඇවිත් දෝත දිගු කරද්දි ඔහු වෙනුවෙන් සෙනෙහස සිතේ හංගන් ඉන්න බැරි තරමටම සිත ඔත්පල වෙලා තිබුණේ.
සිහින විමනේ සැරි සරා
දෑත දිගු කර හිනැහුණා
මල් මාවතේ ඉමක් සොයනට
වළා රොදකට ළං වුණා .
. . . . . . . . .
සිහින ආකාසයේ
තරු අතර ඔය රුව සොයා
ස`ද සාවිගේ සිහින අරණේ
ඔබේ රුව දැක හිනැහුණා .
. . . . . . . . .
එච්චර කාලයක් සිතේ සඟවන් උන්නු ආදරේට පියාපත් දිලා නිදහසේ පියාඹන්න ඉඩ හදලා දුන්නා. ඒත් ඒ ආදරේ හිතපු පතපු තරම් සුන්දර වුණේ නෑ වගේම දිගු කාලයක් පැවතියෙත් නෑ.
”මම අපි දෙන්නා ගැනම හිතලා මේ තීරණේ ගන්නේ. ඔයාටත් තරහා යනවා. මටත් තරහා යනවා.අපි දෙන්නා ගැලපෙන් නෑ. අද දුකක් වුණත් පස්සේ ඒ දුක මඟ හැරෙයි. මම ඔයාට ආදරේ කරා. ඒත් තවදුරටත් ආදරේ කරන්නේ නෑ.’’
ඔහු මගේ ආදරේට සමුදීලා ගියේ නොහිතපු වි`දියට. කාලයත් එක්කම හැම ප්‍රශ්නෙකදිම මා එක්ක උන්නු මිතුරාට මගේ ජිවිතයට ගොඩවදින එක ලොකු ප්‍රශ්නයක් නොවුණත් ඒකට ඉඩක් දෙන්න මගේ හිත අවසර දුන් නෑ. ඒත් මිත්‍රත්වයට එහා ගිය ආදරය සීමාවට මෙහායින් හැමදේම නතර වෙන්න අරගෙන.
හමුනොවුණත් දුර ඉදන් පේ‍්‍රම කතාවක් නොවන පේ‍්‍රම කතාවක් ඇරඹිලා ද කියලා හිතාගන්න බැරි තරමට අමුතු කතාවක් ගෙතුණා.
හිත අස්සේ සැඟවුණු වේදනාව මතකයක් වෙලා ඔහු මගේ මතක පොතේ පිටු ගණන් කරද්දි වෙන හදවතක් උරුමයි කියාලා තවත් කෙනෙක් එයාගේ ලෝකෙට ඇවිත් කියද්දි කිසිදු වෙනසක් නැතිව එයාට හො`දින් කතා කරපු ගෑණු හිත ගෙදරදි කොට්ටේ තෙත් වෙනකම් ඇ`ඩුවා. අඬලාවත් දුක නැති නොවුණා වගේම ඒ මතකය,
ඔහුගේ රුව, ඇයගේ රුව විටින් විට මගේ හිතට තට්ටු කරලා හිතේ ගැඹුරුම තැනක වැහිලා යන තුවාලයක් ආයෙ ආයෙම පාරවන්න ගත්තා. මේකද ආදරයේ උරුමය? හිතට උත්තරයක් නැති වුණත් විටෙක මම මිතුරාට උරුම කර දෙන්නෙත් ඒ වේදනාවම නේද කියලා හිත හෙමින් සීරුවේ විමසන අවස්ථාත් නැතිවම නොවේ.
වැස්ස නතර වෙලා නිල් අහස පුරාවට සුදුපාට, අ`ඵපාට වළාකු`ඵ පාවෙලා යනවා මම ජනේලේ අද්දරට වෙලා බලාගෙන උන්නා. ඒත් හිරු එළියක සේයාවක්වත් තෙත බරිත මහ පොළොව සිප ගනී කියලා හිතන්න පු`ඵවන්කමක් තිබුණේ නැහැ. ආදරය, විවාහය, තීරණ ගැනීම් මේ හැමදේමත් එක්කම මගේ ජීවිතෙත් අ`දුරු වළාවකින් වැහිලා වගේ. හිරු එළියක් වගේ ප්‍රශ්න විස`දිලා මගේ ජීවිතේට ආලෝකයක්, සතුටක් ලැබෙනවා නම් කියලා දින, සති, මාස ගණන් මම බලාගෙන හිටියා. ඒත් හැමදාම ප්‍රශ්නාර්ථයක් විතරක්ම ඉතිරි වෙනවා.
”මට තේරෙන් නෑ මම මොකද කරන්නේ කියාලා. එයාට මාව ඕන. මට දුකක් දැනෙනවාද කියාලා මම දන්නේ නෑ. ඒත් එයාට හිත හදාගන්න අමාරු වෙයි.’’
හැමදාමත් වගේ මට මිතුරාගේ හිත ගැන දැනෙන්න ගන්නේ එහෙම. මිතුරාටත් මාව ඕන. දාලා යන්න එපා කියලා කියන අසරණ හිත මම තව තවත් අසරණ කරනවාද කියලා මට හිතාගන්න බැරිවුණා.
” නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න තියන්න එපා .
. . . . . .’’ ඔහු මිතුරාගෙයි මගෙයි ප්‍රශ්නේ ගැන එහෙම කිව්වා.’’
මගේ ජිවිතේට ඇවිත් ආයෙමත් මගේ ජීවිතෙන් ගියපු ඔහුට මගේ ජීවිතේ ගැන තීරණ ගන්න උදව් කරන්නවත්, ගැන කථා කරන්නවත් අයිතියක් තියෙනවාද කියලා තේරුම් ගන්න බැරිවුණත්, අහිමි වුණු සෙනෙහසට වෛර කරන්නවත් මගේ හිත ඉඩක් දුන්නේ නෑ.
ඒත් ඔහු, ඇය ගැන හිතද්දි දැනෙන වේදනාව වෙලාවකට තරහාකට පෙරළෙනවා මටත් නොදැනිම.
ආයෙමත් පින්නෙන් පින්න වැහි බිංදු වැටිලා අරලියා ගහේ කොළ මතුපිටින් රූටාගෙන ඇවිත් පොළොවට වැටෙනවා. හරියට මගේ හිතත් මේ අහස වගේ කියලා වෙලාවකට හිතෙන්නේ. විටින් විට වෙනස්වන සිතුවිලිත් එක්ක.
”මම නොබැ`ද තනියම ඉන්නම්.’’
හැමදේමත් එක්ක අනාගතයේ දී වෙන හො`ද කෙනෙක් නොලැබෙයි කියලා හිතෙන හින්දා වගේම ගොඩක් වෙලාවට මම තනියම ජිවත්වෙයි කියලා මට දැනුණු නිසාම දුර රටක ඉදන් ඔහු ඇමතූ වෙලාවේ ඔහුට මම කිව්වා.
”පිස්සුද එහෙම ඉන්නේ.’’
ඔහු එහෙම කියලා තව තවත් දේවල් කිව්වත් ඒ එකක්වත් මගේ මතකයේ නැහැ. මම ඒ වෙලාවේ සිහිනෙක හිටියද කියලා හිතෙන තරමට මට හැමදේම අමතක වෙලා. මොකක් වුණත් මම තනියම ජීවත්වෙනවාට ඔහු කැමති නෑ කියලා විතරක් මට තේරුම් ගියා.
ඔහු දවසක් මගේ ළ`ගට වෙලා ගුණදාස කපුගේ මහතාගේ zzමංමුලා වී පාර අසාගෙන .
. . . . .’’ ගීතයේ පද ටික කිව්වේ ඔහුගේ සිතුවිලි මංමුලා වෙලා සිටි නිසා කියලා දැන් මට හො`දටම තේරෙනවා. ඔහු ජීවිතේ අතරමං වෙලා හිටියත් එදා මම එහෙම තත්ත්වෙක හිටියේ නැහැ.එහෙත් දෛවය අද මාව ඔහු සිටි තත්ත්වයට පත් කරලා.
ඔහු නිවැරදි යැයි හැෙඟන මාර්ගයක් හොයාගෙන. ජිවිතේ කියන්නේ මේක නේද කියලා මට තේරෙද්දි මගේ හිත අතරමංවෙලා ඔත්පල වෙන්න අරගෙන.
”මගේ හිත දෙතැනක නතර වෙලා .
. . . .’’
එහෙම ගයනවාද නැත්නම් .
. . . . . අයියෝ, මට පිස්සුද මන්දා .
. . . . මගේ හිත මටම කැගහන්න ගත්තා. ඔහු මගේ ලෝකයෙන් ඈත් වෙලා ගියත් මිතුරාගේ ප්‍රශ්නෙත් එක්කම මම අද තනිවෙලා, උත්තරයක් හිතාගන්න බැරිවම. මිතුරාට මගේ කැමැත්ත දෙන්න බැරි ඇයි? ඒත් හිත ආයෙ ආයෙමත් සෙලවෙන්නේ ඇයි? ඒ හැම ප්‍රශ්නයක් ඉදිරියේම පැහැදිලි උත්තරයක් තියෙනවාද කියලා මට හිතාගන්න බැරිව මම ළතැවෙනවා.
ලංකාවේ සංස්කෘතිය තුළ කාන්තාවට වඩා පුරුෂයා ඉදිරියෙන් ඉන්න ඕන කියන න්යාය මිතුරයි මායි සම්බන්ධව බි`ද වැටෙනවා. අනාගතයේ දී ඒ හැමදෙයක්ම ප්‍රශ්නයක් වෙන්න පු`ඵවන් කියලා හැමෝම කියද්දි ඔහුත් ඒ දේවල්ම දුරකථනයෙන් අමතපු වෙලාවේ කිව්වා.
”ඔයාගේ හිත පරිස්සම් කර ගන්න.
. . . . . .’’
සෙලවෙන මනසක් ඇති මට, මිතුරා ඇතැම් වෙලාවට කීව්වා. මම වර්තමානේ ජීවත් වුණත් අතීතයේ උන්නු චරිත වර්තමානෙට ගේන්න උත්සාහ කරනවා කියලා මිතුරා හො`දාකාරවම දැනගෙන හිටියා.
”දෙන්නාගෙම කාලේ නාස්තිවෙනවා. ඉක්මනටම හො`ද තීරණයක් ගන්න. යා`ඵවෙක් විදියට ඕන දෙයක් කියන්න. මම පු`ඵවන් විදියට ඔයාලත් එක්ක ඉන්නවා.’’
ඔහු හරි අපූරු විදියට වචන ගලපාගෙන කථාකරා තමන්ගේ පේ‍්‍රමවන්තිය වෙලා උන්නු ඇය ගැන මානසිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන වගේ කථාකරත් හැමදෙයක්ම අමතක කරන්න බෑ කියලත් ඔහු නොකියා කිව්වා.
‘’ඔයා මට ආදරේ නොකළත් මම ඔයාට ආදරේ කරා. ඒකේ වේදනාව දැනෙන්නේ මට.’’
මගේ හිත ඉරලා එයාගේ ඉස්සරහා දිග ඇරලා ආයෙමත් මම පෙන්නුවා. නොපෙන්නුවත් ඒ හිත අස්සේ එදා ආදරේ සැඟවිලා තියෙනවා. කුණුගොඩක් විසිකරන්නා වගේ හැමදෙයක්ම හිතින් ඈතට විසිකරලා දාලා නෑ කියලත් තේරුණා.
අතීතෙන් මිදෙන්න කාලේ ඇවිල්ලා.
ඒත් අනාගතේට අඩියක් තියාගන්න බයේ මම තවමත් බලාගෙන ඉන්නවා. හෙමින් හෙමින් වැහැපු වැස්ස පායලා හෙමින් සීරුවේ පරිසරයම මද ආලෝකයකින් වෙළිලා තියෙනවා කියලා මට දැනුණා. ඒත් මංමුලා වූ සිතින් කවදා මිදෙන්නද කියලා මට හිතාගන්න බැරිවුණා.
ඔහු අතීතයට අයිති වුණත්,
මිතුරා වර්තමානෙට අයිති වුණත් අනාගතයට .
. . . . . . . .? මට හිතාගන්න බැරිව හෙමින් හෙමින් හමාගෙන එන සීතල සුළං රො`ද දිහා බලාගෙන උන්නා. ඔහුට මිතුරාගේ ගතිගුණ පිහිටියා නම්, අපූර්ව නිර්මාණයක් වනු ඇතැයි මට සිතුණු වාර අපමණය. එහෙත් ඔහු ඔහුමය, මොහු මොහුමය .
. . . . මා .
. . . . .
*** මිථිලා හේමචන්ද්‍ර ***